𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 01

542 100 4
                                    

මේ අප්‍රේල් මාසේ මුල් සතිය. මාර්ගය දෙපස චෙරි ගස් මනාව වැඩිලා සහ නඩත්තු කරලා තිබුණා වගේම චෙරි මල් පාර පුරාම විසිරිලා තිබුණා. ඒ මල් යට කරගෙන කළු පාට බෙන්ස් රථය මාර්ගයේ ඉදිරියටම ඇදුනා...

තවමත් එයාලගේ ගමනාන්තයට ළඟා නොවීම නිසා මෝටර් රථය තුළ ඉන්න එක්තරා තරුණයෙක් හිටියේ නොඉවසීමකින්...

සන්සුන්ව වගේම කනස්සලු ස්වභාවෙකින් මෝටර් රථය පදවන රියදුරු දිහා තරුණයා පිටුපස අසුනේ ඉදන් බලන් හිටියා.ඒ වගේම ඒකට හේතුවත් ඔහු දැනගෙන හිටියා...

වම් අතේ මැණික් කටුව ලග බැදලා තියෙන කළු පැහැති මිල අධික CHOPARD වර්ගයේ අත් ඔරලෝසුව දිහා බලපු තරුණයා එයාගේ ඇස් පාර දෙපස තියෙන චෙරි ගස් වලට වගේම විසිරිලා තියෙන චෙරි මල් දිහාට යොමු කලා...

"ඒවා ඔයා වගේමයි..."

තමන් ආදරය කරන රූපේ හිතින් මවාගන්න ගමන් ඔහු හිතුවා

චෙරි මල් සුන්දරයි...පිපෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරයි...ඉතින් මිනිස්සු ඒවට ආසයි...තමන්ගේ ආදරේ චෙරි මල් වලට සමාන කරන අයත් ඉන්නවා...මොහුත් ඒ වගේම ආදරවන්තයෙක්

ඒ වගේම ඔහුට ගොඩක් ඈත අතීතෙකට දිව යන චෙරි ගහ එක්ක බැදුනු සුන්දර මතක රැසක් තිබුණා...ඒ කාලේ ඒවා සුන්දරයි..මතක් කරද්දි දුක, සතුට දෙකම මිශ්‍ර උන හැඟීම් ගොන්නක් හිතට එනවා...

"සර් අපි ආවා"

ඈත අතීතේ හිරවෙලා හිටපු තරුණයා රියදුරුගේ හඬින් ආයිමත් පියවි සිහියට ආවා

"ඔහ් හරි ඩේවිඩ් ඔයා පාකින් එකේ ඉන්න...මම මෙතන වැඩේ ඉවර උන ගමන් එනවා"

දොර විවර කරන ගමන් කිව්ව තරුණයා කා' එකෙන් බැහැලා ආයි රියදුරු දිහා බලලා හිනා වුණා

ඩේවිඩ් සැලියුට් එකක් එක්කම වාහනේ ඉදිරියට අරන් ගියාම ඒ දිහා බලන් හිටපු තරුණයා කෝට් එකේ පහල බොත්තම දාගෙන ඉස්සරහට යන්න අඩිය තිබ්බා

______________________________________

ඕකේ

ගෙස් කරමු බලන්න මේ නම නොදන්න තරුණයා කවුද කියලා

කොහොමත් ඊලග එකෙන් මම ඒක කියනවා🙃

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now