"ආහ්...මේ ඉන්නේ අනිත් භාගේ. මං බැලුවා ඇයි පරක්කු කියලා"
එරික් එහෙම කියන ගමන් ආව කෙනාගේ කරට අතක් දාගත්තම ඒ කෙනා හිනා වුනා
"එහෙනම් උබ දන්නවා අද මූ එනවා කියලා...එහෙමනේ?"
"අපිට නොකිව්වේ අපිව surprise කරන්න හිතාගෙනද කොටෝ"
ජන්ග්කුක්ගෙත් කරට අත දාගෙන දෙන්නවම තමන් ලගට ඇදලා ගත්ත එරික් ඒ දෙන්නගේ මැද්දෙන් අයින් වුනා
"සොරි බන්...මට ඒක කියන්න අමතක වුණා"
ආපු තරුණයා තමන්ගේ නිදහසට කාරණා ඉදිරිපත් කරා
"අම්මටසිරි...කවදා ඉදන්ද උබට දේවල් අමතක වෙන ලෙඩේ හැදුනේ ජිමිනා?"
"හරි හරි...මමයි ජිමින්ට කිව්වේ උබලට කියන්න එපා කියලා"
ජන්ග්කුක් ඒ වෙලාවේ තමන්ගේ යාලුවව බේර ගත්තා
එයාලා ටික වෙලාවල පහුගිය තොරතුරු ගැන කතා කරා
අන්තිමට හොදම යාලුවෝ දෙන්නට තනි වෙන්න අවස්ථාව දුන්න අනිත් අය එතනින් පිටත් වෙලා ගියා
"ඇයි ඔයා ආවේ කුකී?"
ජිමින් ඇහුවේ දුකෙන්
"ඇයි එහෙම අහන්නේ...මම ආව එක වැරැද්දක්ද"
ජන්ග්කුක් ඇහුවේ එයා ඉස්සරහා එහෙ මෙහෙ දුවන මිනිස්සු දිහා බලාගෙන
"ඔයා දන්නවා ඉස්සරහට වෙන දේ...එහෙම වෙලත් මොකටද හිත රිද්ද ගන්න මෙතනට ආවේ"
ජිමින්ගේ කටහඬේ තරහවක් තිබුනා...එයා ජන්ග්කුක් ගැන දුක් වුනා
"මට ඒ දේ ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනි ජිමින්...ඒ සතුටු වෙන මූණ දිහා බලලා මටත් සතුටු වෙන්න ඕනි අන්තිම වතාවට හරි"
ජන්ග්කුක් කිව්වාම ජිමින් කඳුලු පිරුනු ඇස් වලින් එයා දිහා බැලුවා...ජිමින්ට ඕනි උනේ නෑ මේ දේවල් මේ විදිහට සිද්ද වෙනවා බලන්න. එයාට ඕනි උනේ නෑ තමන්ගේ යාලුවා බොරු හිනා මූණක් පිටින් පෙන්නලා ඇතුලෙන් දුක් වෙනවා බලන්න...කීයටවත් හොදම යාලුවෙක් ඒ දේට කැමති වෙන්නේ නෑ
මේ මොහොතේ ජන්ග්කුක්ට හදිසි වැඩක් වැටෙන්න කියලා ජිමින් ප්‍රාර්ථනා කලත් එයා දැනන් හිටියා ජන්ග්කුක් අද ඒ හැමදේම කැන්සල් කරනවා කියලා
"එයා අද ලස්සනට ඉදී ජිමින්...කොහොමත් එයා ලස්සනයිනේ...මගේ චෙරි මල"
පුටුවේ වාඩි වෙලා සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න ජන්ග්කුක් දිහා බලන් ඉන්න ජිමින්ගේ හදවත වේදනාවෙන් පිරිලා ගියා
කනට ගහලා ජන්ග්කුක්ව එලවන්න ජිමින්ට ඕනි උනා...මේ රඟපෑම නවත්තපන් කියලා කෑ ගහන්න ජිමින්ට ඕනි උනා...ඒත් ජිමින් නිහඬයි...එයාට මුකුත් කරගන්න බෑ
________________________________________
I have nothing to say🙂