𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 02

352 98 10
                                    

"ජන්ග්කුක්?!"

"ඇත්තටම මං දකින්නේ හීනයක්ද...කවුරුහරි මාව කොනිත්තපන් ප්ලීස්"

"යා ජන්ග්කුකා උඹ කොහෙද මෙහෙ!?"

පුදුමය මුසු වුණු හැඟීම් එක්ක පුදුමයට පත්වුනු මූණු කීපයක් ජන්ග්කුක් ඉස්සරහට ඇවිදන් ආවා

"ඔක්කොටම කලින් මට කියපන් උබට ඉන්වයිට් එකක් ආවද නැත්තන් උබ බලෙන්ම ආවද කියලා"

වැනි වැනිම ආපු කෙනෙක් ජන්ග්කුක්ගේ මූණට එබිලා ඇහුවම ඒ ආපු සැර ගඳට ජන්ග්කුක් ටිකක් පස්සට උනා

"උබ ගෙදරින් එනකොටම බීලද ආවේ...ශික් පලයන් අහකට..."

තවත් ජන්ග්කුක් වගේම තරුණ කොල්ලෙක් ඒ ආව කෙනාව පස්සට ඇදලා ගත්තා

"මචන් මම හිතුවේ නෑ උබ එයි කියලනම්"

"මෙච්චර බිසී බිස්නස්මන් කෙනෙක් අවුරුදු ගාණක් පරණ තමන්ගේ කොලේජ් එකේ යාළුවෙක්ගේ වෙඩින් එකකට ආවා කියන්නේ...මාරයි"

"අඩුමගානේ උබ මැරි කරන්නේ කවුද කියලවත් දන්නවද...උබට මතක තියෙනවද එයාව"

එක එක විදිහේ ප්‍රශ්න ජන්ග්කුක්ට එල්ල උනා...ඒක එහෙම වෙන්න ඕනි මොකද කොලේජ් එකෙන් අවුට් උනාට පස්සේ ජන්ග්කුක් ආපහු එයාගේ යාලුවොන්ව දකින්නේ අද. ඒ කියන්නේ අවුරුදු හතකට විතර පස්සේ...ඒක ලොකු කාලයක්

ඒ කාලය පුරාවටම මේ යාලුවෝ කීපදෙනා ජන්ග්කුක් ගැන හොයලා බැලුවා...හමු නොවුනත් දුරකතනයෙන් හරි කතා බහ කළා

එහෙම යාලුවෝ අතලොස්සක් අපිටත් ඉන්නවා...කොච්චර එලෙව්වත් නොයන, අපි පස්සෙන්ම එන, අවුරුදු ගානක් හමු නොවුනත් හිතේ කිසම කහටක් නැතුව ඕනි වෙලාවක අපි එක්ක කතා කරන යාලුවෙක් හෝ යාලුවෝ ටිකක්, ආත්මගත මිතුරෙක් හෝ මිතුරෝ ටිකක්

මේ ඉන්නෙත් එහෙම කට්ටියක්

ඒත් ජන්ග්කුක්ගේ කාර්යබහුල බව නිසාම ඔහුට යාලුවෝ ගොඩක් මග ඇරුනා

අදත් මේ වෙඩින් එකට ජන්ග්කුක් ආවේ විශේෂ පුද්ගලයෙක් නිසා මිසක් වෙන හේතු ඔහුට තිබුනේ නෑ

"කුකී..."

ඒ කටහඬ ඇහුන ගමන් ජන්ග්කුක් ඉක්මනින් ඒ දිහාවට හැරුනා

මොකද ජන්ග්කුක් අද මෙතන ඉන්න හේතුව දන්න එකම කෙනා එයා විතරක් නිසා

________________________________________

Who is that person?

Let's move on to the next part and see who it is

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now