𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 08

287 91 15
                                    

Please listen to the above song while reading this part and the next part
__________________________________________


හෝල් එකේ වෙන් කරලා තියෙන රවුම් මේස වලින් පිටිපස්සෙම මේසේ බිත්තිය පැත්තේ කොනේ ජන්ග්කුක් වාඩි වෙලා හිටියා

ජිමින් ජන්ග්කුක්ගේ එහා පැත්තෙනුත් එයාගේ යාලුවෝ ටික මේසේ වටේ පුටුවලත් වාඩි වෙලා හිටියා

හැමෝම බලන් හිටියේ අද දවසේ main characters දෙක එයාලගේ ඉස්සරහට එනකල්

හිතුවා වගේම ටික වෙලාවකින් මනමාලයා එයාට අදාල තැනින් ඇවිල්ලා හිට ගත්තහම හැමෝම එයා ගැන කතා කරන්න පටන් ගත්තා

කඩවසම්, තනිකරම කලා ආකෘතියක් වගේ පෙනුමක් තියෙන තරුණයෙක්...

වචනයෙන් විස්තර කරන්න බැරි අනර්ඝ පෙනුමකට හිමිකම් කියන්නෙක්...

ජිමින් බලන් හිටියේ ජන්ග්කුක් දිහා

ඒ ඇස් දිලිසෙනවා

සතුටටද දුකටද කියලා එයා දන්නේ නෑ

තමන්ව පාලනය කරගන්න වගේ නිතරම තොල් හපන ජන්ග්කුක්ගේ කලවයක් උඩින් ජිමින් අත තිබ්බම ජන්ග්කුක් ජිමින් දිහා බලලා හිනා උනා

ජිමින්ගේ චූටි අත උඩින් තමන්ගේ අත තියපු ජන්ග්කුක් ඒ ඇඟිලි එකට පටලවගෙන ඉස්සරහ බලා ගත්තා

අන්තිමට හෝල් එක මැද්දෙන් සුදු පාට දිග පිම්බුනු ගවුමකින් සැරසිලා සුදු වේල් එකකින් මූණ වහගත්ත මල් කලඹක් අතේ තියාගෙන තමන්ගේ තාත්තගේ අතේ එල්ලිලා හැමෝගෙම අවධානය අරගෙන ඉස්සරහට ඇදුනේ ලස්සන චූටි තරුණියක්...

කලින් ආපි තරුණයාගේ අතින් අල්ලගෙන එයාගේ ඉස්සරහින් හිටගත්ත තරුණියගේ ලස්සන හිනාව වේල් එකෙන් වැහිලා තිබුණත් හැමෝටම පෙනුනා

Father ඇවිල්ලා wedding එකේ කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තම හැමෝම නිහඩ උනා

"කිම් ටේහ්‍යොන්ග් සහ කිම් යුන්සෝ...."

"ඔබලා දෙදෙනා දැන් දෙවියන් ඉදිරියේ සැමියා-බිරිඳ ලෙස පොරොන්දු දී අවසානයි"

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now