𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 04

303 91 6
                                    

Flashback

7 years ago...

ජන්ග්කුක් ජිමින් වගේම අනිත් යාලුවෝ සෙට් එක හැමදාම වගේ පරක්කු වෙලා කොලේජ් එකට ආවා

ඒක එයාලගේ පුරුද්ද...කොලේජ් එකේ වැඩිම අවධානය දිනාගන්න පිරිස මේ කොල්ලෝ ටික...අනිවාර්යෙන් ඒක එහෙම වෙන්න ඕනි මොකද ඒ ටීම් එකේ Cute, sexy, lovely හැම category එකකට අයිති කෙනෙක් හිටියා

උදේ interval time එකට හැමෝම college cafeteria එකට යන්න පුරුදු වෙලා හිටියේ එයාලා උදේටත් බඩට මුකුත් දාගන්නේ නැති නිසා

Cafeteria එක ලග තියෙන චෙරි ගහ දිහා අහම්බෙන් බලපු ජන්ග්කුක් දැක්කා ගහ යට බංකුවේ කොල්ලෙක් වාඩි වෙලා ඉන්නවා හැබැයි තනියම...බැලූ බැල්මට එයා ටිකක් අහිංසකයි වගේ

ළඟට යන්න ඕනි උනත් ඒකට ඉක්මන් වැඩියි කියලා හිතපු ජන්ග්කුක් ඒ රූපේ හිතේ ඇදගෙන යාලුවෝ එක්ක කෑම කන්න ගියා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කොලේජ් ඉවර වෙලා කලින්ම ගේට් එක ලගට ආව ජන්ග්කුක් ජිමින්ට බොරුවක් කියලා එයාව ගෙදර යැව්වා

උදේ දැක්ක රූපේ එනකල් බලන් හිටපු ජන්ග්කුක් ඈතින් තමන් බලාපොරොත්තු වෙන කෙනා එනවා දැක්කම හිතේ පිරුනු අමුතු හැඟීම් ගොඩක් එක්ක ඒ එන කෙනා දිහා බලන් හිටියා

ස්ට්‍රේට් ලා දුඹුරු පාට කොණ්ඩේ නළලට වට්ටගෙන, නිකැලැල් මුහුණ, පිම්බුනු කම්මුල්, හීනි දිග රෝස පාට තොල් එක්ක කොලේජ් එකේ අනිත් ලමයි දිහා ඒ හීනි ඇස් ලොකු කරන් බල බල එන ලස්සන කොල්ලා දිහා ජන්ග්කුක් ආසාවෙන් බලන් හිටියා. දකින ඕනි කෙනෙක්ට එයා 'cute' කියලා කියන්න පුලුවන්

ජන්ග්කුක්ටත් ඒ දේම හිතුනා.

නාදුනන කොල්ලා කොලේජ් එකෙන් එලියට ගියාට පස්සේ ජන්ග්කුක් ටිකක් වෙලා කල්පනා කරේ පස්සෙන් යනවද නැද්ද කියලා

අද පලවෙනි දවස නිසා එහෙම නොයා ඉන්න ජන්ග්කුක් තීරණය කළා

ඒත් ජන්ග්කුක්ට හිත දුන්නේ නෑ කොල්ලව තනියම යවන්න මොකද කෙල්ලෙක්ටත් වඩා අමුතු සුන්දර ලස්සන බවක් ඒ කොල්ලට තිබුනා...

»»

දවස් කීපයක් ගෙවිලා ගියේ නාදුනන කොල්ලව නොදැක ජන්ග්කුක්ට එක මොහොතක් ඉන්න බැරි කරලා...ඒ තරම් ඒ රූපෙට, ඒ හැසිරීමට, ඒ කතාබහට, පෙනුමට නොගැලපෙන කටහඬට ජන්ග්කුක් හිටියේ වශී වෙලා

ජන්ග්කුක් ඇරෙන්න මේ ගැන දැනගෙන හිටිය එකම කෙනා ජිමින් විතරක්ම උනා

දවස් ගානක් ගිහිල්ලත්, ඒ කොල්ලා තමන්ගේ බිල්ඩින් එකට එහා පැත්තේ බිල්ඩින් එකේ වෙලත් ජන්ග්කුක්ට බැරි උනා එයා එක්ක කතා කරන්න

හැමදාම පඩි නැගලා කට්ට කාලා ඒ කොල්ලා දිහා බලන් ඉදලා ජන්ග්කුක් ආපහු හැරිලා එනවා

හැමදාම උනේ ඒ දේ...

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now