𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇[𝖳𝖪] - 𝖯𝖺𝗋𝗍 06

269 89 5
                                    

ඊලග දවසේ ඉදන් කොලේජ් ඉවර උනාම ජන්ග්කුක් එයාගේ හිත හොරා ගත්ත ලස්සන කොල්ලව ගෙදරටම ඇරලුවා

හැබැයි හොරෙන්...

ජන්ග්කුක් ඒ කොල්ලට නොතේරෙන විදිහට හැමදාම එයාගේ පස්සෙන් ගෙදර ලගටම ගිහින් ආයි හැරිලා එනවා

කලින් උන සිද්ධිය එක්ක ජන්ග්කුක් කීයටවත් කැමති උනේ නෑ එයාව තනියම එහෙ මෙහෙ යවන්න

ජන්ග්කුක් තමන්ට පුලුවන් උපරිමයෙන් හැමතැනකදිම එයාව පරිස්සම් කලා...හැබැයි කවදාවත් ඒ ගැන ජන්ග්කුක් හැඟෙව්වේ නෑ...ඒ නිසා ඒ කොල්ලා මේවා ගැන මුකුත් දන්නේ නෑ

සමහරවිට එයා මේවා දැන ගත්තා නම් අනාගතේ වෙන්න තියෙන දේවල් ගොඩක් වෙනස් වෙන්න තිබුනා...

»

සති මාස ගෙවිලා ගිහින් අවසානෙදි ජන්ග්කුක් ඒ කොල්ලගේ නම හොයා ගත්තා

"ටේහ්‍යොන්ග් කිම්..."

ජන්ග්කුක් ජියෝන්ගේ හිත ගත්ත එකම වාසනාවන්තයා

ජන්ග්කුක්ගේ චෙරි මල...

එදායින් පස්සේ ජන්ග්කුක්ගේ කටෙන් බොහෝ වෙලාවට කියවුනේ ටේහ්‍යොන්ගෙ නම...ඒකත් ජිමින් ඉස්සරහ විතරයි

දවසෙම ටේහ්‍යොන්ග් ගැන කතා අහලා ජිමින්ටත් ඒවා නැතුවම බැරි උනා

පිස්සුවෙන් වගේ ටේහ්‍යොන්ග් ගැන කියවන ජන්ග්කුක් දිහා ජිමින් බලන් හිටියේ සතුටින්...මොකද එයා දැක්කා ජන්ග්කුක්ගේ සතුට ටේහ්‍යොන්ග් කියලා...එයා හිතාගත්‍තා මේ වැඩේ ඉක්මනට ඉවර කරලා තමන්ගේ යාලුවා ලගටම එයාගේ සතුට අරන් එන්න

කැන්ටින් එකේදි, ලයිබ්‍රි එකේදි, හමුවෙන ඕනි තැනකදි ටේහ්‍යොන්ග්-ජන්ග්කුක් ඇස් හමුවන විදිහ...ඇස් වලින් කතා කරන විදිහ ජිමින් ඇරෙන්න වෙන කවුරුත් දැක්කේ නෑ...නෑ අනිත් අය විශේෂයෙන් එහෙම බැලුවේ නෑ

ජිමින් කොච්චර කිව්වත් ටේගෙන් ගිහින් අහන්න කියලා ජන්ග්කුක් පසුබැස්සා...කවදාවත් අනුන්ගේ දේකට වුනත් දෙපාරක් නොහිතා ඉදිරිපත් වෙන ජන්ග්කුක් අද තමන්ගේ දෙයක් වෙලත් ඒ දේට පසුබැස්සා

ඒක වෙන්න ඇති දෛවය...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එදා කොලේජ් එකේ අන්තිම නිවාඩුව පටන් ගන්න දවස...ඒ කියන්නේ එයාලා කොලේජ් එකට සමුදෙන්නත් කාලේ ඇවිත්

ටේහ්‍යොන්ග් කෙල්ලො ගොඩක් වටකර ගෙන කියව කියව ඉන්න අතරතුර ජන්ග්කුක් එතනට ආවා...

දැක්ක ගමන් ඉරිසියා හිතුනත් තමන්ට කරන්න දෙයක් නැති බව දන්න නිසාම ජන්ග්කුක් පැත්තකට වෙලා හිටියා































"නිවාඩුව හොඳින් ගත කරන්න..."

කෙල්ලො ටික එහෙ මෙහෙ වෙනකල් ඉදල ජන්ග්කුක් ටේහ්‍යොන්ග් ලගට ගිහින් කිව්වා

"තැන්ක්‍යූ...ඔයත් පරිස්සමින් ඉන්න..."

ජන්ග්කුක්ගේ ඇස් දිහා බලාගෙනම ටේහ්‍යොන්ග් කිව්වාම ජන්ග්කුක්ට හිතුනෙම කොල්ලව ඇදලා අරන් කිස් එකකුත් දෙන්න

ඒත් ඒක හග් එකකට සීමා වුනා

වෙනදා වගේම ටේහ්හ්‍යොන්ග්ව ගෙදරට ඇරලන්න ජන්ග්කුක් වගේම ජිමිනුත් ගියා හැබැයි ඒ හොරෙන් නෙවෙයි...ටික වෙලාවකට ජන්ග්කුක් ජිමින්ගේ ගෙවල් තියෙන තැන මාරු කරපු නිසා එයාලට පුලුවන් වුනා ටේහ්‍යොන්ග් එක්කම එකට යන්න...

ටේහ්‍යොන්ග්ව පාරෙන් අයින පැත්තට දාලා ජිමින්ව පාර පැත්තට දාලා ජන්ග්කුක් මැද ඉදන් ටේහ්‍යොන්ග් එක්ක කතා කර කර ගියා...

එදා තමයි එයාලගේ අවසාන හමුවීම උනේ...ඒ දවසින් පස්සේ නිවාඩුව ඉවර වෙලා කොලේජ් පටන් ගන්නකොට ආවේ වෙනමම ටේහ්‍යොන්ග් කෙනෙක්

පරණ ටේහ්‍යොන්ග්ට වඩා ගොඩක් වෙනස් ප'සනැලිටි එකක් තිබ්බ ටේහ්‍යොන්ග් කෙනෙක්

ජන්ග්කුක්ගේ චෙරි මල වෙනස් වෙලා...පෙනුමෙන් වගේම හැසිරීමෙනුත්...

විශ්වාස කරනවද ඒක...

__________________________________________

මේ අතීත කතාව හරිද๬🙂

𝖣𝖺𝗇𝖼𝗂𝗇𝗀 𝖮𝗇 𝖬𝗒 𝖮𝗐𝗇 [𝖵𝖪𝖮𝖮𝖪]✓Where stories live. Discover now