01

3.5K 229 14
                                    

BTS සාමාජිකයන්ගේ
නම් පමණක් අරන් මගෙ හිතට ආව අදහසක් වචන වලට පෙරලා
ඇති බව කරුණාවෙන් සලකන්න.
මෙහි එන චරිත
BTS සාමාජිකයන්ට කිසිම සම්බන්ධයක් නැති අතර මෙය හුදෙක් විනෝදය සඳහා පමණකි.
So don't hate your Idol
💜️💜️





" වෙනදට වඩා විනාඩි 12 ක් පරක්කුයි "

හොබී රෙස්ට් රූම් එකට ඇතුල් වෙද්දි මේසේ උඩ තියෙන පුන්චි ප්ලාස්ටික් මල් වාස් එකක් කරක කරක හිටපු ටේහ්‍යුන් කීවේ අත් ඔරලෝසුව දිහා බලලා.

" උඹ ඉතින් මේකේ පදින්චි වෙලා හිටියට මට ගෙයක් දොරක් පවුලක් තියෙනව...    මොකද කියන්නෙ උබේ අපාර්ට්මන්ට් එක විකුනලා නරකද  මේකෙම පදින්චි උනොත් "

අතේ තිබුන බෑග් එක මේසෙ උඩින් තියන ගමන් හොබී කීවෙ සමච්චල් හිනාවක් දාලා.

"අනේ පලයන්..  කෝ සුගා"

මල් වාස් එක ආයෙත් තිබුන තැනින්ම තිබ්බ ටේහ්‍යුන්  ඇහුවේ දොර දෙස විපරම් කරමින්.

" ඌ තාම නිදි කුමාරි එක්ක හීන බලනව ඇති. ඌ කවද්ද බං වෙලාවට කලින් වැඩට ආවෙ..  උඹ කාලද ටේ"

පුටුවක් ඇදලා ටේහ්‍යුන් ලගින් ඉදගත්ත හොබී බෑග් එකෙන් කෑම පාර්සලයක් එලියට ගන්න ගමන් ඇහුවා.

" මම කෑවා උඹ කාපන්. උබෙ වයිෆ් ආදරෙන් උදේ පාන්දර ඇහැරගෙන උයපු එකනෙ. ඕක මම කෑවොත් උබෙ වයිෆ් මං එක්ක තරහ වෙයි"

" එයා එහෙම නැ බන් "

" හරි හරි මං විහිලුවක් කරෙ.. කාපන් කාපන්. මම යනව ඩියුටි "

ඉදගෙන හිටපු පුටුවෙ හරි පරිස්සමට නවලා දාලා තිබුණු, දනිස් දක්වා දිග සුදු පැහැති කෝට් එකත් දාගෙන Stethoscope එකත් බෙල්ල දෙපැත්තෙන් රඳවගෙන ටේහ්‍යුන් එතනින් පිටත් උනේ ඔහුගේ රාජකාරී වෙලාව පැමිණි නිසා.

ඉදගෙන හිටපු පුටුවෙ හරි පරිස්සමට නවලා දාලා තිබුණු, දනිස් දක්වා දිග සුදු පැහැති කෝට් එකත් දාගෙන Stethoscope එකත් බෙල්ල දෙපැත්තෙන් රඳවගෙන ටේහ්‍යුන් එතනින් පිටත් උනේ ඔහුගේ රාජකාරී වෙලාව පැමිණි නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now