06

1.2K 172 4
                                    

සෝහා බබාගෙ ඇස් එක එල්ලේ යොමු වෙලා තියෙන පැත්ත බලද්දි ජන්කුක්ගේ නෙත ගැටුනේ උස කඩවසම් ප්‍රියමනාප රුවකට .. ඔහු සෝහා දෙස බලා සිනාසෙමින් සිටියත් තමාව දුටුවේ නැති නිසා ජන්කුක් ටික වෙලාවක් ඒ රූපය දිහා බලා සිටියේ තමාටත් නොදැනීමයි.

දෙපසට බෙදී තියෙන කෙස් අතරින් පෙනෙනෙ පළල් නලල, දිගු ඇස් , සෘජු නාසය , ඒ තොල් පෙති , තියුණු  jawline එක , පළල් උරහිස් , උස ශරීරය , පිරිපුන් පපුව , කාර්ට් එක අල්ලගෙන සිටින ඒ දිගු ඇඟිලි , යාන්තම් වත් පොඩි වී නැති ඒ ඇදුම් , පැළඳ සිටි පාවහන්... ජන්කුක් ඔහුගේ මේ සියලු දේවල් තමාගේ ඇස් වලට හසු කර ගත්තෙ  තත්පර ගානක් ඇතුලත. වැඩි වෙලා යන්න කලින් ජංකුක් ට ඒ රූපය හඳුනා ගැනීමට හැකි වුනා.

" excuse me.. මුකුත් උදව්වක් ඕනෙද සර් "

තමා පිටුපසින් ඇසුන එ කටහඩ නිසා ජන්කුක් තිගැස්සී ගියේ මෙතෙක් වෙලා ඔහු වෙනත් ලෝකෙක අතරමං වෙලා හිටිය නිසා.. ජන්කුක් ට ඇවිත් කතා කලේ සුපර්මාකට් එකේ වැඩ කරන සේවකයෙක්.

" අහ් නැ නැ තෑන්ක් යූ.."

ජන්කුක් කලබලෙන්ම ඔහුව එතනින් පිටත් කලේ මෙතෙක් වෙලා ඔහු රැක් එකේ තිබ්බ බොක්ස් එකක් ගන්න බැරුව දැරූ උත්සහයත් අමතක වුන නිසා.

ඔහුව පිටත් කර ජන්කුක් නැවතත් ඇස් යොමු කලේ අර කඩවසම් ශරීරය තිබුණු දිහාවට. ඒත් තවමත් එතන කවුරුත් පේන්න හිටියේ නැති නිසා ජන්කුක් කුතුහලෙන් වගේ වට පිට බැලුවේ ඒ තරුණයා එක් වරම අතුරුදන් උනාදවත් ද කියලා.

" කොහොමද පැටියෝ....."

ඒත් ජන්කුක් ට ඇහුනා සෝහා එක්ක යමෙක් කතා කරන හඬ. ජන්කුක් ඉක්මනින් බබා දෙස බලන විට දැක්කේ අර කඩවසම් තරුණයා බබාගෙ අතට සෙල්ලම් බඩුවක් දීලා බබාගෙ නිකට යටින් අත තියාගෙන බබා එක්ක කතා කරනවා. බබත් හිනා වෙලා එයාට චූටි සද්දෙකුත් දාලා රිඇක්ට් කලා.

" දැන් කොහොමද ඔයාගෙ පැටියට "

බබාගෙ අතින් අල්ලගෙන ඔහු ජන්කුක් සමඟ කතා කලේ සෘජුවම ජන්කුක් දෙස බලමින්.

" එ එ එයාට දැන් හොද යි ඩ් ඩො ඩොක්ට"

ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගමින් කීවා.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now