10

1.1K 163 20
                                    

ජන්කුක් ඉක්මනට දුවන් ගිහින් ගේට් එක අරිනවත් එක්කම වේගෙන් කාර් එකක් ඇවිත් ගෙදර මිදුල මැද්දෙන් නැවැත්තුවෙ ගේට් එක ලග හිටන් හිටපු ජන්කුක් පන බේරගන්න ගේට් එකෙන් එහාට පනිද්දි. ජන්කුක් පැනපු පාරට එයාව විසි වෙලා ගිහින් බිම ඉන්ද වුනා.

" ඩො ඩො ඩොක්ට.."

ජන්කුක් නැගිටින්නෙත් නැතුව බලන් හිටියේ ටේහ්‍යුන් කා එකෙන් බහින විදිහ. ජන්කුක් ට හිතාගන්න බැරිවුනා මෙ මහ රෑ ටේහ්‍යුන් එයා ඉස්සරහා හිටන් ඉන්නව දකිද්දි. ජන්කුක් ඇස් දෙකත් අත් දෙකෙන් පොඩි කරලා බැලුවෙ එයා මේ දකින්නෙ හොල්මනක්ද කියලා.

" yeah සප්‍රා...යිස්ස්..."

ටේහ්‍යුන් කෑ ගහද්දි ජන්කුක් නැගිටල ටේහ්‍යුන් ලගට ගියාම ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඇග ට කඩන් වැටුනේ ජන්කුක්ට ටේහ්‍යුන් ගෙ බර වාවගන්න බැරුව කෙලින් හිටගන්න ලොකු සටනක යෙදෙද්දි. ජන්කුක් ගේට් එකත් වහලා ගෝරිල්ලෙක් වගෙ ඇගට කඩං වැටුන ටේහ්‍යුන් ව එයාගෙ ඇගට වාරු කරගෙන සාලෙට එක්කන් ඇවිත් සෝෆා එකෙන් වාඩි කරලා ලොකු හුස්මක් ගත්තා.

" ඩොක්ට මොකද මෙහෙ කරන්නෙ. මෙ මහ රෑ.."

" ශ්............ කෑ ගහන්න එපා ස්වීට් හාර්ට්.."

ටේහ්‍යුන් එයාගෙම තොල් මතින් දබර ගිල්ල තියාගෙන කීවේ සෝෆා එකේ ඉස්සරහට රූටලා ගිහින් ඔලුව සෝෆා එකේ පිටිපස්සට ඇල කරගන්න ගමන්. ටේහ්‍යුන් ට ඔලුව උස්සගෙන ඉන්නවත් පනක් නෑ.

ටේහ්‍යුන් ගෙ මුලු ඇඟම දාඩිය වලින් තෙත් වෙලා කෙස් එකට වෙලා නලලට වගේම බෙල්ලට ඇලිලා තිබුණා. එ විතරක් නෙවෙයි පොඩි වෙලා තියෙන ශර්ට් එකෙත් උඩම බොත්තම් තුන ඇරිලා නිසා කිරි සුදු පාට පපුව එලියට නිරාවරණය වෙලා තිබුනා.

ටේහ්‍යුන් ඉන්න විදිහ දැකපු ජන්කුක් ට ලොකු කෙල ගුලියක් ගිනුනා ඉබේටම වගේ.

ජන්කුක් ඉක්මනට කිචන් එකට දුවලා ගිහින් වතුර එකක් අරන් ඇවිත් ටේහ්‍යුන් ට දිගු කලේ එ වෙලාවෙ කරන්න ඕන මොකක්ද කියල එයාට හරි හැටි හිතාගන්න බැරි වුන නිසා.

" ඩො ඩොක්ට මේක බො බොන්න "

ජන්කුක්ගෙ අත් දෙක වෙවුලනවා.  ජන්කුක් නොහිතපු වෙලාවක නොහිතපු ස්වරූපෙකින් ටේහ්‍යුන් එයා ඉස්සරහට ආව නිසා ජන්කුක් ටිකක් තිගැස්සිලයි හිටියේ.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now