14

1K 149 7
                                    

" මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද"

" ම්ම් ඔව් සර් කියන්න "

" මම හිතනවා ඔයා මාව දන්නවා කියල "

" මම සර්ව එහෙම දන්නෙ නම් නෑ. හැබැයි ඩොක්ට එක්ක  දෙපාරක් කැෆේ එකට ආවා කියල නම් මතකයි "

" මම සුගා. ටේහ්‍යුන් ගෙ යාලුවෙක්. ඔයා මාව නොදන්නව උනාට මම නම් ඔයා ගැන දන්නවා හැබැයි. ටිකක් ඇවිත් වාඩි වෙන්න ජන්කුක් "

" මුකුත් ප්‍රශ්නයක් ද සර්.."

" ඔහ් නෑ නෑ.. මට සර් කියන්න එපා.. මට හ්‍යුන්ග් කියල කතා කරන්න කො"

ජන්කුක් බෝල ඇස් වලින් සුගා දිහා බලාගෙන වාඩි වුනා.

" මම කෙලින්ම කතාවට එන්නම්කො. ඔයා අපේ ටේහ්‍යුන් ගැන මොකද හිතන්නෙ ජන්කුක්..?"

" හහ් ?"

" ඇයි ඔයා බය වෙලා...... ජන්කුක්.. හෙලෝ.."

" අහ් හ්‍යුන්ග්"

" මොන ලෝකෙද හිටියේ "

" ආ නෑ නෑ කියන්න හ්‍යුන්ග්"

" අපේ ටේහ්‍යුන් ගැන ඔයා මොකද හිතන්නෙ ජන්කුක්.."

" ම්ම් ව් ව වරදක් නෑ හ් හ්‍යුන්ග්. එ එයා හරි හො හොදයි"

ජන්කුක් ගෙ හිතේ එදා වෙච්ච දේ නිසා ටේහ්‍යුන් ගැන කලකිරීමක් තිබුනත් එයා සුගාට ඒ බවක් පෙන්නන්න ගියෙ නෑ.

" හ්ම් හරි මට වටේ යන්න බැ. මට එහෙම හුරු නෑ. මම අහන්න තියෙන දෙ පැහැදිලිව කෙලින් අහන්නම්. එයා ඔයා ට කැමතියි කීවොත් ජන්කුක් ඔයා මොකක්ද හිතන්නෙ එ ගැන?"

" හහ්.. ම් ම් ම් මොකක්.."

ජන්කුක් එ වචන ටික ඇහෙනවත් එක්කම මුලු ඇඟම වෙවුලන්න උනා. ජන්කුක් ට මේක හීනයක් වගේ. ජන්කුක් ට හිතුනෙ සුගා කීව දේ හරියට ම එයාට ඇහුනේ නැ කියලා.

" ම් ම් මොකක්ද හ් හ් හ්‍යුන්ග් එ ක් ක් ක කතාවෙ තේ තේ..."

" මොකක්ද තමුන් ඒ කිව්වේ.."

ජන්කුක් ගෙ වචන නිකන්ම ගොලු වෙලා ගියා මෙච්චර වෙලා මෙ කතාව අහගෙන ඉදලා මැද්දට කඩා පැන්න ජිමින් නිසා. ජිමින් අතෙ තිබ්බ සුප් බෝල් එක හයියෙන් ටේබල් එක උඩ තියලා සුගා ලගට පාත් උනා.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now