19

1.1K 160 11
                                    

කැෆේ එකේ වැඩ වගේම බබාගෙ වැඩයි ටේහ්‍යුන් ගෙ වැඩයි එක්ක කාර්‍යබහුලව ගෙවුන සතියකට පසුව ජන්කුක් ට නිවාඩු දවසක් උදා වුනා... හැමදාම උදේට කෑම ලෑස්ති කරලා උදෙන්ම වැඩට දුවන ජන්කුක් ආපහු එන්නෙ හවස් වෙලා. ඉතින් එයාට වැඩි කාලයක් ටේහ්‍යුන් එක්ක ඉන්න බැරි උනා. හොස්පිට්ල් එකට යන්න තියෙන දවසට උදෙන්ම කඩිමුඩියෙ ටේහ්‍යුන් ට වොශ් දාන්න උදව් කරලා එහෙමම ටේහ්‍යුන් ව හොස්පිට්ල් එකට එක්කන් ගිහින් ඇවිල්ලා ආයෙත් ජන්කුක් වැඩට යනවා.

ඉතින්  හිතෙ තිබුණු බය ලැජ්ජාව මේ සතිය තුළදි ජන්කුක් ගෙ හිතෙන් මැකිලා යද්දි ටේහ්‍යුන් ගෙ හිතේ ජන්කුක් ගැන තියෙන ආදරෙ තව තවත් දලුලමින් තිබුනත් ආයෙත් කලින් වගේ වැරැද්දක් තමා අතින් සිදු නොවෙන්න ටේහ්‍යුන් තමාව පාලනය කරගත්තා.

ජන්කුක් එක්ක ඉන්නකොට ටේහ්‍යුන් ගෙ පහුගිය දින වල පේන්න තිබුණ රළු ගති, හිතුවක්කාරකම් සම්පූර්ණයෙන් ම වගේ යටපත් වෙලා ගිහින් එයා සාමාන්‍ය ටේහ්‍යුන් බවටම පත් වෙලා තිබුනා.



දිවා කාලය පැමිණ තිබුනත් සනීපෙට නිදාගෙන හිටපු ටේහ්‍යුන් සෝහාගෙ ඇඩිල්ලෙ සද්දෙට ඇහැරලා නිදි මතේම සාලෙ දිහාවට ඇවිදන් ගියා.

පොලොව දක්වා දිග ලා දුබුරු පාට කලිසමක් වගේම සුදු පාට කමිසයක් ඇදගෙන හිටපු ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ අවුල් වෙලා තිබුනත් ඔහුගෙන් දිස් වුනේ ඉතා කඩවසම් පෙනුමක්. සුලු තුවාල සුව වෙලා අස්ථිය බිදුණු අත නම් තාමත් එහෙමමයි කිසිම සනීපයක් දැනුනෙ නෑ වේදනාව ඇරෙන්න. හැබැයි මිදුලට වෙලා දරුවගෙ පිට තමාගෙ පපුවට හේත්තු කරගෙන මල් පැණි බොන්න ඇවිත් සිටින සමනලයින් පෙන්වමින් අඩමින් සිටින දරුවව නලවන ජන්කුක්ව දැක්කම ටේහ්‍යුන් ගෙ මුවින් නැගුණු සිනහවෙන් තේරෙනවා ටේහ්‍යුන් ගෙ හිතේ තිබුණු තුවාලෙ නම් සනීප වෙලා ගිහින් කියලා.

" බඩගිනි වෙලාද මෙ අඬන්නෙ.."

තමාගෙ පිටුපසින් සුපුරුදු ගැඹුරු කටහඩක් ඇහෙද්දි ජන්කුක් අනෙක් පැත්ත හැරිලා ටේහ්‍යුන් ළඟට ඇවිදන් ආවා..

"ආ හ්‍යුන්ග්.. දැන් ද ඇහැරියෙ.. මෙයා ඉතින් දන්නැද්ද.. ගේ ඇතුලට සමනලයෙක් ආවා.. එයාව අල්ලගන්න බැරි උනා කියලනෙ මේ....."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now