13

1K 157 10
                                    

After 1 week

ටේහ්‍යුන් අදත් කා එක පදවන් ගියේ ක්ලබ් එක දිහාවට.  එදා සිද්දියෙන් පස්සෙ ටේහ්‍යුන් ආයෙත් හවස් වෙනකොට ක්ලබ් යන්න පටන් අරන්. ජන්කුක් ව බලන්න ඕන කියල ටේහ්‍යුන් ගෙ හිත කොච්චර කිීවත් ටේහ්‍යුන් හිතට විරුද්ද වුනා. දැන් ඉන්නෙ සාමාන්‍ය ටේහ්‍යුන් නෙවෙයි. එයා දැන් ගොඩාක් වෙනස් කෙනෙක් වෙලා. හොස්පිට්ල් එකට යන්නෙත් ඕනවට එපාවට. පොඩ්ඩක් ඇත්තන් තරහා යනව.

ටේහ්‍යුන් කාටවත් කියාගන්න බැරි ලොකූ හිතේ වේදනාවකින් ඉන්නෙ. ඉතින් එ වේදනාව ටිකක් හරි මග හැර ගන්න තමයි ටේහ්‍යුන් මෙ තීරණය ගත්තෙ. හොස්පිට්ල් එකට ගියත් එයාට කරන්න තියෙන රාජකාරිය කරලා පාඩුවෙ ඉන්නවා  චූටි පැටව් එක්ක උනත් ලොකු සම්බන්ධයක් නෑ. මෙ දවස් වල සුගාට හොබීටවත් ටේහ්‍යුන් හරියට මූන දෙන්නෙ නැතිම තරම්. හැබැයි එයාලටත් තේරිලයි තියෙන්නෙ ටේහ්‍යුන් ගෙ මෙ වෙනස. දෙතුන් පාරක්ම රෙස්ට් රූම් එකට වෙලා අඩනවා මෙයාලට මාට්ටු උනා. හැබැයි ආය ක්ලබ් යනවා කියල නම් ඒ දෙන්නා දන්නෑ.

ටේහ්‍යුන් ක්ලබ් එකට ඇතුල් වෙලා සැර වැඩිම විස්කි වර්ගයක් ඕඩර් කරලා විනාඩි කිහිපයකින් එයාගෙ ඕඩර් එක එයා ලගට ගෙන්න ගත්තා..

මුලින්ම ග්ලාස් එකේ බාගයක් වෙනකන් විස්කි දාගෙන පුටුවෙ ඇන්දට හේත්තු වෙලා එක හුස්මට බීගෙන ගියේ උගුර කඩාගෙන යන සැරක් දැනෙද්දි. හැබැයි දැන් ටේහ්‍යුන් ගෙ නහරවල් පවා ඒ සැරට හුරු වෙලා.

පලල් උරහිස් , ට්‍රව්සර් එකට යට කරලා තිබුණු වැලමිට දක්වා නවපු  රෝස පැහැ ශර්ට් එක ටේහ්‍යුන් ට ගෙනාවෙ කඩවසම් වගේම සරාගි පෙනුමක්. නැ එහෙම නෙවෙයි ටේහ්‍යුන් ගෙ පෙනුම කොහොමත් එහෙම තමයි. ඒ දේවල් වලින් උනේ තවත් එයාගෙ පෙනුම ඉලිප්පිලා පෙනුන එක. 

සුපුරුදු විදිහට අදත් එතන හිටපු සියලුම තරුණියන්ගේ ඇස් යොමු වෙලා තිබුනෙ මෙ කඩවසම් තරුණයා දෙසට. කොච්චර සෙනග හිටියත් ටේහ්‍යුන් ව කැපී පෙනුනෙ කියලා නිම කරන්න බැරි එයාගෙ ගාම්භීර පෙනුම නිසා.

ඒත් ඒ කිසිම දෙයක් ටේහ්‍යුන් ට වැඩක් නෑ. එයා මෙතෙන්ට එන්නෙ එයාගෙ මනස රිලැක්ස් කරගන්න මිසක් වෙන සබඳතා පවත්වන්න නෙවෙයි.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now