After 1 week
" ඩොක්ටර් එයාට ගොඩාක් අමාරුයිද.. ඩොක්ට කියන්නකෝ.. ඩොක්ට.."
" එයාට දැන් අමාරු නැ ජන්කුක් කලබල වෙන්න එපා. ඔයා හොද වෙලාවට එයාව එක්කන් ආවෙ..."
" ඩොක්ට මගෙ දරු පැටියා.."
ජන්කුක් හඩන්නට වුනා..
" ජන්කුක් කලබල වෙන්න එපා. බබා හොදින් ඉන්නවා. එයා ඇහැරෙයි ඔයා ඔහොම කලබල කරොත්.. එයාට රෙස්ට් කරන්න දෙන්න.. "
ජන්කුක් එක් වරම නිශ්ශබ්ද වෙලා කදුලු පිරුනු දෑස් වලින් ඇද උඩ නිදා සිටින බබා දෙස බලා සිටියේ අසරණ මුහුණකින්.
" බබාව සනීප වෙනකන් අපි හොස්පිට්ල් එකේ තියාගමු ජන්කුක්.. හොදද... "
" අනෙ හා ඩොක්ට මගෙ පැටියව සනීප කරලා දෙන්න "
ටේහ්‍යුන් බබාගෙ සේලයින් වයර් එක පරික්ශා කරලා බබා ලඟ හිටපු නර්ස්ට බබාව භාරදීලා ජන්කුක් ගෙ පිටටත් තට්ටුවක් දාලා එතනින් ගියෙ ටේහ්‍යුන් ට තවත් බබාලව චෙක් කරන්න යන්න තිබුන නිසා.
ඇත්තටම බබාට මොකද උනේ.....
Flashback
.
.
." හෙලෝ ජිමින්.. මට අදත් කැෆේ එකට එන්න වෙන්නෙ නෑ. බබාට තාම සනීප නෑ ජිමින්.."
" හරි ජන්කුක් ඔයා බබා ලග ඉන්න. මම මෙතන වැඩ කරගන්නම්."
සෝහා බබා දවස් දෙකක ඉදන් අසනීපෙන්. එයාට හොදටම උණ. ජන්කුක්ට කැෆේ එකට දවස් දෙකක් තිස්සෙ ඉදන් යන්න බැරි වුනා. ඉතින් අදත් හරි හැටි සනීපයක් නැති නිසා ජන්කුක් ජිමින්ට එ ගැන කෝල් කරලා කීවා.
මුලින්ම අසනීපයි වගේ දැනෙනකොටම ජින් බබාව බෙහෙත් ගන්න එක්කන් ගිහින් තිබුනා. ඒත් තවමත් බබාට සනීප වෙලා නෑ.
කොහොමහරි දවල් වෙනකොට බබාට උණ වැඩි වෙලා බබාගෙ ඇඟ ගැහෙන්න ගත්තා.
" අනෙ මගෙ පැටියො ඇයි මේ... "
ජංකුක් හොදටම කලබල උනා.
" ජින් හ්‍යුන්ග්...... ජින් හ්‍යුන්න්ග්ග්ග්..."
ජංකුක් බබාවත් වඩාගෙන අසිහියෙන් වගේ කෑ ගහගෙන ජින් ලගට දුවන් ගියා.
ВИ ЧИТАЄТЕ
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Фанфікиඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction