18

1.1K 153 12
                                    

ජන්කුක් ටේහ්‍යුන් ව පරිස්සමින් රූම් එකකට එක්කන් ඇවිත් ඇඳ උඩින් ඉන්දවලා උණුවතුර භාජනයකුයි රෙදි කෑල්ලකුයි අරගෙන ආවා.

" ඩොක්ට"

" ම්ම්ම්"

" ශර්ට් එක ගලවන්නකො"

" හහ්?"

" දාඩියයිනෙ.."

" ඉතින් ?"

" ඉතින් අපි වොශ් කරමු.."

" ඕක මොකටද ජන්කුක් මට ඇවිදින්න පුළුවන් නෙ. අතනෙ කැඩුනෙ කකුල් නෙවෙයි.."

" ඒ උනාට මට ඩොක්ට කීවෙ කකුල් දෙකේ තුවාල හොද වෙනකන් වැඩිය ඇවිද්දවන්න එපා කියල"

" ඒව එච්චර අමාරු නැ ජන්කුක් මට ඇවිදින්න පුලුවන්."

" හරි හෙට වොශ්රූම් එකට එක්කන් යන්නම්. අදටවත් ඩොක්ට කීව උපදෙස් පිලිපදින්නකො ඩොක්ට "

එතකොටම ටේහ්‍යුන් ට සිහියට නැගුනා හොස්පිට්ල් එකේදි එයාගෙ ඩොක්ට එහෙමත් නැත්තං හේසු ජන්කුක් ව පැත්තකට අරගෙන එයාව බලාගන්න ඕන විදිහ කියල දෙනකොට ටේහ්‍යුන් දිහා වනචර හිනාවක් දාලා හේසු ටේහ්‍යුන් ට හිනා වුන විදිහ. ඒ කාලෙ ඉදන්ම කරන්නෙ ඔය වගෙ වැඩ නිසා ටේහ්‍යුන් තේරුම් ගත්තා මොන වගෙ අදහසකින්ද හේසු ජන්කුක් ට මෙ වගෙ මෝඩ උපදෙසක් දීලා තියෙන්නෙ කියලා.

" ආ හ්ම්ම්ම්.. ඒත් තනියම ගලවගන්න අමාරුයි ජන්කුක්"

" අහ් ඉන්න.."

ජන්කුක් පහත් වෙලා මුලින්ම ටේහ්‍යුන් ගෙ අත බෙල්ලට සම්බන්ධ කරලා තිබුණු පටිය ගලවලා පැත්තකින් තියල ටේහ්‍යුන් ගෙ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා..

ටේහ්‍යුන් ඇසිපිය නොහෙලා බලන් හිටියේ තමාගෙ ඇග දිහාවට නැවිලා තියෙන ජන්කුක් ගෙ මූන දිහා. ටේහ්‍යුන් ට දැනුනා උගුර හිර වෙනවා වගේ හැඟීමක්.. ඒ එයාගෙ ආදරෙ එයාගෙ ලඟින් ඉදලත් හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වගෙ ඉන්න වෙන නිසා වෙන්න ඇති.

ඔය අතරෙ ජන්කුක් සේරම බොත්තම් ටික ගලවලා ටේහ්‍යුන් ගෙ මූන දිහා නිකමට වගේ බලද්දි එයා දැක්කෙ ආදරෙ පිරිලා තියෙන තමන් දිහාවට යොමු වෙලා තියෙන ඒ ඇස්. ඇත්තටම එ ඇස් වල ආදරේ පිරිලා දිලිසෙනවා.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now