32

1.6K 174 47
                                    

තවත් මාස කීපයක් ගෙවිලා ගියා... ජන්කුක් එදා සොහොන් කොත ගාවදි සෝහට පොරොන්දු උනා වගේම අද වෙනකන් එයා සෝහා නිසා එක කදුලක්වත් ඇස් වලින් වැටෙන්න නොදී එයාගෙ පොරොන්දුව ආරක්ශා කර ගත්තා සෝහා ආයෙත් එයාලා ගාවට එයි කියන බලාපොරොත්තුව තියාගෙන..

ඉතින් අද උදෙන්ම ටේහ්‍යුන් හොස්පිට්ල් යන්න ලෑස්ති වෙනවා. ටේහ්‍යුන්ගෙ කෑම ටික හදලා ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලන්ච් බොක්ස් එකත් අරන් රූම් එක දිහාවට ඇවිදන් ගියා.... එ හිතෙ තාමත් එ දුක නැතුවාම නෙවෙයී.. ඒත් ජන්කුක් දැන් බලාපොරොත්තුවක් වෙනුවෙන් ජීවත් වෙනවා. කවද කොහොම ඉටුවෙයිද කියල නොදැන වුනත් එයා එ හීනෙ ඇතුලෙ ජීවත් වුනා..

ඒත් එක පාරම පඩිපෙලෙ බාගයක් විතර නැගන් යද්දි ජන්කුක්ට කරකවිල්ලක් වගෙ දැනිලා එහෙමම එයා වාඩි වෙන්න ගියත් එයා පඩිපෙල දිගේ රෝල් වෙලා ගියා..

" හ්‍යූන්ග්ග්ග්ග්ග්...."

" ජන්කුක් ජන්කුක් ..."

රූම් එකට වෙලා ශර්ට් එකේ බොත්තම් එකින් එක දාමින් හිටපු ටේහ්‍යුන්ට මෙ සද්දෙ ඇහිලා ඉක්මනට දුවන් එද්දි ජන්කුක් සිහියක් පතක් නැතුව පඩිපෙල පාමුල..

" ජන්කුක්.. කතා කරන්න... මැණික... අනෙ ඇයි මේ... "

ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක්ව එයාගෙ අත් දෙකට අරන් ඇවිදින් ඇඳෙන් හාන්සි කරවලා ට්‍රීට්මන්ට්ස් කලා.. ටේහ්‍යුන් හිතුවෙ ආයෙත් ජන්කුක්ට ප්ලෙශර් ප්‍රශ්නයක් කියලා.. ඒත් එහෙම දෙයක් නෙවෙයි..

ඒත් ටේහ්‍යුන්  ජන්කුක්ව චෙක් කරපු වෙලේ ඉදන් ටේහ්‍යුන්ගෙ පපුව උණුසුම් වෙලා වේගෙන් ගැහෙන්න පටන් අරන්..

එයාට සතුටු වෙන්නද පුදුම වෙන්නද... හිතාගන්න බෑ.. ජන්කුක්ට එයාගෙ හිතෙ තියෙන දෙ කියනකන් ඉවසිල්ලක් නෑ..

ටික වෙලාවකින් ජන්කුක්ට සිහිය ආවා..

" හ්‍යුන්ග්... මට මොකක්ද උනේ... හ්‍යුන්ග්ග්... ඇයි අඬන්නේ.. හ්‍යුන්ග්ග්..."

" ජන්කුක් සෝහා...."

" ම්ම්ම් මගෙ සෝහා.. කෝ එයා... අනෙ ආයෙත් එයා ඇවිත් ද... අනෙ කෝ... ඉක්මනට එන්න කියන්න මට එයාගෙ මූන බලන්න ඕන හ්‍යුන්ග්ග්..."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now