30

1K 133 23
                                    



ඔන්න තවත් අවුරුද්දක් ගෙවිලා ගියා.. දැන් නම්ජින් කපල් එකත් බබෙක්ව අරන් හදාගන්නවා. ඉතින් සෝහව බලාගන්න කෙනෙක් නැති නිසා ජන්කුක් දැන් ගෙදර නැවතිලා ඉන්නෙ. ඉතින් ජන්කුක්  කැෆෙ එකට යන්නෙ නැ.  දැන් ඉතින් ඉස්සර වගෙ එයාට මහන්සි වෙන්න ඕන නැ මොකද ටේහ්‍යුන් හම්බ කරන එක හොදටෝම මෙ තුන්දෙනාට ඇති. 

සෝහා හා හා පුරා කියල අද තමයි ඉස්සරෝම න(ර්)සර් යන දවස.. ඉතින් අද ගෙදර එකම යුද්දෙ.. බබත් උදෙන්ම ඇහැරලා නිසා ටිකක් කාර්‍යබහුලයි. ටිකක් නෙවෙයි ගොඩාක් කාර්‍යබහුලයි.

" ටේ... බබා... අනෙ සෝහව ලෑස්ති කරන්නකෝ..."

" ඕකෙ බබා..."

" ටේ... බබා... සෝහගෙ කෑම එක මේසෙ උඩ...."

" ඕකෙ බබා...."

" ටේ... බබා.... බබාගෙ ඔලුව පීරන්නකෝ..."

" ඕකේ බබා..."

" ටේ.... බබා.... සෝහව එක්කන් එන්න කෑම කවන්න..."

" ඕකෙ බබා... සෝහා..  දුවන්නැතුව එන්නකො මැණික... ආං අප්පට හොදටෝම තරහ ගිහින් වගේ.. අද අපි දෙන්නටම ගුටි කන්න වෙයි.. ඉක්මනට යන්.."

" හූ හූ.. දැදාට බබාව අල්ලගන්න බැ හූ හූ..."

"හරී අල්ලගත්තා... දැන් යමු පන්ඩිත සීයා හබුන් කන්න.. "

" මත බැ. පත්තෙ කමු"

" බැ කියල බැ. අද බබා නර්සරි යන්න එපැයි. ඉතින් පරක්කු වෙනවනෙ බබාට. දැන් අපි කමූ.. හාද..."

" බැ බැ මත බැ. මම කන්නෑ.."

ටේහ්‍යුන් සෝහා කෑ ගහද්දිම උස්සගෙන කිචන් එකට ආවා. කිචන් එකෙ හරි යුද්දෙ ජන්කුක් ඇහැරුන වෙලෙ ඉදන් උයනව උයනව ඉවරයක් නෑ...

" සෝහා දඟ කරන්නැතුව හබුන් ටික කන්න ඕනෙ. නැත්තං දෙන්නෙ ගුටි.."

" හ්ම් අප්පා. බබාත ගහන්නෙපා.."

" දඟ නොකර හොඳ බබා වගෙ කෑම ටික කෑවොත් ගහන්නැ මම..."

ජන්කුක් දැන් ඉස්සර වගෙ නෙවෙයි බබාට ටිකක් සැරෙන් ඉන්නෙ. නැත්තං ඉතින් මෙයාව හදාගන්නව බොරු. හැමෝගෙම හුරතලෙ මැද්දෙ හැදුන සෝහා දැන් ටිකක් ඇට්ටර වෙන්න පටන් අරන්. ඉතින් දැන් ඉදන්ම හදා නොගත්තොත් පස්සට කරදර වෙන්නෙ කියල ජන්කුක් දැන් ඉදන්ම සෝහට කෝටු පාර දෙනවා. හැබැයි ඉතින් ටේහ්‍යුන් නම් මෙ වෙනකන් සෝහට අතක් වත් උස්සලා නෑ..

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now