12

1.1K 153 14
                                    

" ජන්කුකා.... ඔය ජනෙල් හරියට ලොක් කරලද බලන්න... ආ දොරේ කී එකත් අරන් එන්න කූ.. මට ඒක අමතක උනා..  "

" හා.. කොහෙද තියෙන්නේ...."

" drawer එකේ බලන්නකෝ.."

" ඒකෙ නං නැ ජිමිනො. කොහෙද ඒක දාගත්තෙ.."

දෙන්නත් එක්ක එකතු වෙලා කැෆේ එක වහලා ගෙදර යන්න තමා මෙ කලබලෙන් දගලන්නෙ.

ජිමින් අද කවදාවත් නැතුව කලින්ම කැෆේ එකෙන් එලියට බැහැලා....

" කී එක නැ ජිමින්...."

" ආයිශ් කලින් ගෙදර යන්න හිතපු දවසටමයි ඔක්කොම වෙන්නෙ... "

ජිමින් කුටු කුටු ගගා ආපහු ඇතුලට ඇවිත් ජන්කුක් එක්ක එකතු වෙලා කී එක හොයන්න පටන් ගත්තා.

" මම හැමදාම දාන්නෙ මේ drawer එකට. අදම මේක මොන ලෝකෙ ගියාද.. යාහ් එපා වෙනවා...."

" මං කිචන් එකේ බලල එන්නම් ජිමිනා.. ඒ ටේබල් එක උඩද දන්නැ"
.
.

" excuse mee...."

දොර දෙසින් ගැඹුරු කටහඩක් ඇහෙනකොට ජිමින් වැඩේ නවත්තලා එ දිහාවට ගියා.

" ඔහ් සොරි  සර් අපි කැෆේ එක වහලා තියෙන්නෙ..."

" කොහෙද කෝ..?"

" කොහෙද අහන්නෙ සර්....? "

" ඉතින් කෝ වහලා නැ නෙ. ඇරලා තිබුණු නිසානෙ දැන් අපි ඇතුලට ආවෙ..."

" ආහ් නැ නැ දැන් අපි වැඩ නවත්තලා යන්න ලෑස්ති උනේ සර්.."

" හැබැයි වහන්න කලින් අපි ඇතුලට ආවා. අපිට කෝෆි දෙකක් ඕනි. ඉක්මනට අරන් එන්න.."

" සොරි සර්.... අපිට සමා වෙලා අර පාරෙන් එහා පැත්තෙ අර පේන  කැෆේ එකට යනව ද ඒක තාම ඇරලා. අපි දැන් වහලා එලියට බහින්න ලෑස්ති උනේ..."

" කෝෆි දෙකක්.. එකකට අඩු සීනි....."

ඒ කෙනා ජිමින්වත් තල්ලු කරගෙන ඇවිත් වාඩි වුනා.

පිරිසිදුවට නැවුම්ව හෙට දවස පටන් ගන්න  හැමදේම පිළිවෙලකට අස් පස් කරලා  කැෆේ එක වහන ජිමින් ආය ඒ බඩු වලට අත තියන්නෙ පහුවදාම තමයි. ඒක ජිමින්ගෙ පුරුද්දක් වෙලා. ඒක ආය හැඩි කරගන්න ජිමින් කොහොමටත් කැමති නෑ.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Donde viven las historias. Descúbrelo ahora