විසේ කුරුට්ටා 1

718 37 32
                                    

"අම්මේ..... දත රිදෙනවනෙ, මේක පස්සෙ ලියන්නම් අනේ"

"දතෙන් නෙවෙයිනේ ඕක ලියන්නෙ, පැනඩෝල් බාගයක් ගෙනත් දෙන්නම් ඒක බොනවා, මං නාන්න යනවා, නාලා ඉවර වෙලා එද්දී රචනාව ලියල ඉවර වෙලා තියෙන්න ඕන"

අම්ම ගෙනත් තිබ්බ වතුර එක බීලා පැනඩෝල් බාගේ එළියට විසික් කරා. අපෝ පැනඩෝල් ගද දැනෙන කොටත් එපා වෙනවා..... දැන් ඉතින් පණ දාගෙන මේ රචනාව ලියන්න එපැයි. සිස්සත්තයක් නිසා මං විඳින දුකක්....

"යන්න යනවද
අර කාලෙ මතකද
ඉන්න බැරි තැන
ඔබ මාව හමු උන"

ගිරි යටින් කෑ ගහපු විලාපෙ ඇහෙද්දීම මං කාමරේ ජනේලෙන් එළිය බැලුවා. පස්සත් දික් කරන් ඒක වන වන උඩ පැන පැන පේර ගහ ළඟට ගිය කෝටු කිතයියෙක් ගහට නැග්ගලු ඉතින්, යකෝ හෙට අනිද්දට සිස්සත්තෙ ඒත් මූට කිසි ගාණක් නෑ. කොහොමත් පන්තියේ අන්තිමයා වෙන එකාට ඕවා ගානක් නෑනෙ. අනිත් එක ඉතින් මට වගේ හොයල බලන්න ඌට අම්මෙකුයි, තාත්තෙකුයි නෑනෙ. නෑ නෙවෙයි ඉන්නවා ඒත් නෑ වගේනෙ.

පේර ගහේ ඉඳන්ම පේර ගෙඩියක් උලා කනව, වත්තෙ එක ගහක වත් අපිට කන්න ගෙඩියක් නෑ, ඇයි ඉතින් බලන බලන හැම ගෙඩියක්ම පිරෙන්න මුගේ දත් පාරවල්. ඒවත් එසේ මෙසේ ඒවා නෙවෙයිනේ. මොන්ටසෝරි යද්දි නම් තිබ්බෙ ලේන් දත් දෙකක්, දැන් ඒක හා දත් දෙකක් වෙලා. මෝඩ මූසල හා දතා.... මට ඉරිසියයි අප්පා.... මං මේ ගෙයින් එළියට බහින්න බැරුව ඉද්දී මේකා එළියේ නටනවා දකිද්දී මට ඉරිසියයි, තරහයි, දුකයි.......

යන්තම් රචනාව ලියල ඉවරයි, දැන් ලොකු අම්මලාගේ ගෙදර ගියා නම් සුහාන් එක්කයි, සොහෙල් අයියා එක්කයි සෙල්ලම් කරන්න තිබ්බ, උදේම පන්ති, ඊලඟට ගෙදර ඇවිත් පන්ති වැඩ ටිකයි, අම්ම දෙන හෝම් වර්ක් ටිකයි කරා. නිවාඩු දවසට වත් මට සැනසීමක් නෑ.

අම්ම නාලා ඉවර වෙලා තේ එකක් බොන්න කුස්සියට ගිය වෙලේ මමත් පස්සෙන් ගියා.ආච්චි අම්මයි, නැනියි දෙන්න මොනවද කොළ වගයක් සුද්ද කරද්දි හා දතා එතන ඉඳන් පේර ගැටයක් උලා කනවා.

"ඕවා කාලා බඩේ අමාරුවක් හදා ගනින්කෝ අක්කුන්, ඉස්පිරිතාලේ අරන් ගිහින් ඉන්ජෙක්ෂන් එකක් විද්දෝනව මං"

විසේ කුරුට්ටා Where stories live. Discover now