චූටි බන්ඩියත් අත ගගා බඩගිනි කිය කියා ආව අක්කු ගෙට නොයා එක පාරම මිදුලෙ නැවතුනා. ඇයිද කියල බලද්දි අපේ අම්මා දොරකඩ ඉඳන් බලන් ඉන්නවා. හැබැයි මාස ගානකට පස්සෙ දකින එයාගෙ එකම දරුවා දිහා නම් නෙවෙයි. මගේ ළඟම ඉන්න අක්කු දිහා..... ඒකත් ගිනි පිටවෙන ඇස් වලින්.
ගැස්සිලා ගිය අක්කු මගේ දිහා බලනවා ඇස් කොනෙන් දැක්කත් මං බලන් හිටියේ අම්ම දිහා.....
අක්කු දිහා බලන් තව ටිකක් ඉස්සරහට ආව අම්ම ඊලඟට මම දිහා බැලුවෙත් අර බැල්මෙන්ම තමයි.
"උබ කවදා ඉඳන්ද මේ කාලකණ්නි මූසලයත් එක්ක ඇවිදින්න යන්න පුරුදු උනේ ආ...... මං ලඟ නැති උනාම උබට පොඩි කාලේ හැම දෙයක්ම අමතක උනාද"
මට පුතේ කියල වත් කතා කරන්න ඒ දිව නැමුණේ නෑ. ඒත් මට හැම දේටම වඩා රිදුනේ ආයෙමත් අක්කුට අර වගේ වචන වලින් කතා කරපු එකට.ඒකා පොඩි කාලේ ඉඳන්ම ඒ වචන වලට කැමති නෑ.
අක්කු දිහා බලද්දි එයා ඉන්නවා බිම බලාගෙන, ඒ තොල් දෙක තද වෙලා තියෙන හැටියෙන් හිතා ගන්න පුළුවන් එයා කොච්චර දුකෙන්ද ඉන්නෙ කියල. අක්කු වෙනුවෙන් කතා කරන්න කට අරින්න හැදුවත් මට කලින් සුදු මල්ලි ඉස්සර උනා. එයා අක්කුගේ අතින් අල්ලන් ගෙට ඇදන් ගියේ අම්මටත් ගස්සන්.......
"මොකක්ද අම්මේ ඒ කිව්ව කතා වල තේරුම, ඔයා ඇයි ඒ අහිංසක ළමය එක්ක ඔච්චර තරහ"
සුහාන් එක්ක සොහෙල් අයියත් ගෙට යද්දි මං අම්මට ලං වෙලා එයාගෙන් එහෙම අහද්දි එයා ආයෙත් ආවේශ උනා.
"ඌත් උගේ අම්ම වගේම නැතෑ. මතකනේ පොඩි කාලේ අපේ කාමරේට සත්තු ගෙනත් දැම්ම හැටි. තමුන්ට ඉරිසියා කරපු හැටිත් දැන් අමතක වෙලාද"
"අක්කු කවදාවත් මට ඉරිසියා කරේ නෑ, අනික අම්ම එයාට පොඩි කාලේ කරපු කියපු දේවල් වල හැටියට එයා කරපු දේවල් හරිම පොඩි විහිළු විතරයි
"ඒ උනාට ඌව ආශ්‍රය කරන එක නවත්තපන් සිත්, මං ආයේ කියන්නේ නෑ"
"හේතුව"
"මගේ අයියව දාලා වෙන මිනිහෙක් එක්ක ගිය ගෑණිගෙ ළමයව හුරතල් කරන්නද උබ මට කියන්නේ"
YOU ARE READING
විසේ කුරුට්ටා
Fanfictionඌ හැදුනෙම ඌට ඕන තාලෙට, මං වෛර කරද්දිත් ඌ හරි ලස්සනට හැමදේම අමතක කරලා මං එක්ක හිනා උනා, ඒකයි මට තරහා....