විසේ කුරුට්ටා 10

213 33 6
                                    

මගේ පපුව උඩ ගුලි වෙලා හා පැටියා හොඳටම නිදි. ඒත් ඒකා මගේ නින්ද නැති කරා. දැන් මං ප්‍රේමවන්තයෙක්. මේ දෙව් රූපෙ එකම අයිතිකාරයා මමයි. මගේ අත් අස්සට හිර වෙලා මගේ පපුවම බදාගෙන ඉන්න මගේ විසේ කුරුට්ටා. මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නව වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි වස්තුවේ. ඒක මං මටම දී ගත්ත පොරොන්දුවක්. අඩු ගානේ උබට වත් බෑ අදින් පස්සේ මගෙන් ඈතට යන්න......

පහුවදා උදේ මට ඇහැරුනත් මගේ පපුව උඩ හිටිය එයා හොඳටම නිදි. මං ඒ නළල වගේම කම්මුල් දෙකත් කිස් කරද්දි තමයි ඒකා ඇහැරුනේ. ඒත් එක පාරම නෙවෙයි. මගේ පපුව උඩම ඇබරි ඇබරි ඇග මැලි කඩලා ඉවර වෙලා එක ඇහැක් විතරක් යන්තම් ඇරගෙන තොල් දෙකත් උල් කරන් වටපිට බලන්න ගත්තා. ඊට පස්සේ මාව දැකලා මං දිහා පුදුමෙන් වගේ බලන් හිටියා. මට නම් ෂුවර් මේකට මතක නෑ ඊයේ රෑ නිදා ගත්තේ මං ළඟ කියල. ඒකයි ඔය දැන් කල්පනා කරන්නේ කොහෙද මේ ඉන්නෙ කියලා. කෝලම් කෝටියක් දිහා බලාගෙන ඉදලා මං එයාගෙ අත් දෙකෙන්ම උස්සලා මගේ ඇග උඩට ගත්තා. මෙන්න මේකා මගේ ඇග උඩ ආයෙත් හොඳට නිදි......

"අක්කු"

"ම්ම්ම්"

"නිදිද"

"ම්ම්ම්"

"හරි හරි තව චුට්ටක් වෙලා ඔහොම නිදා ගන්න"

මේකා උදේට ඇහැරෙන්න හෙන කම්මැලියි. අනික ඊයේ රෑ නිදා ගද්දිත් පරක්කු උනානෙ. ආයෙත් පැයක් විතර ඉදලා එයා නැගිටලා ඇදෙන් ඉඳ ගද්දී මමත් නැගිටලා එයා ළඟින් ඉඳ ගත්ත. අයියෝ මේකා තවමත් හරියට ඇහැරලා නෑ. බාගෙට නිදි......

"ගිහින් මූණ හෝදන් එන්න තේ බොන්න"

"ම්ම්ම්"

"හැබැයි ආයෙත් කාමරේට ගිහින් ඇදට එහෙම පනින්න එපා හරිද, ඉක්මනට මූණ හෝදන් එන්න"

හා පැටියා ගියාට පස්සෙ මමත් ඇද අස් කරල මූණ හෝදන් එයා එක්කම තේ බොන්න ගියා.

"ඔන්න අද උදේට කිරිබත්, අක්කුන් බබා ඊයේ රෑ හදන්න කිව්ව නිසා මං හැදුවා"

"නැනී අම්මෙ.... අද සිත්ගෙ උපන් දිනේ. ඒකයි මං කිරිබත් හදන්න කිව්වෙ"

"අනේ රත්තරනේ ඒ ගැන හාන්කවිසියක් වත් මතක් උනේ නෑනෙ. අනේ අපේ සුදු බබාට සුභම සුභ උපන් දිනයක් වේවා. තිස් තුන් කෝටියක් දෙවියෝ රකින්න ඕන"

විසේ කුරුට්ටා Where stories live. Discover now