විසේ කුරුට්ටා 8

289 42 23
                                    

අපේ අම්ම මේ ගෙදර නැති උනත් ඒකටත් හරි යන්න අක්කුට වෙනස්කම් කරන්න දැන් ලීනා නැන්ද ඉන්නවා.නැන්දයි,මාමයි, නංගියි තරගෙට වගේ මගේ අහිංසක හා පැටියගේ හිත රිද්දනවා.මාමා අකූට පේන්න නංගිටයි, මල්ලිටයි ආදරේ කරද්දි ඒකා පාඩුවේ බිම බලන් එතනින් යන්න යනවා.ඒ හිත රිද්දන්න කාටවත් ඉඩක් දෙන්නේ නෑ කිව්වට මේ දේවල් මං කොහොම නවත්තන්නද......

අදත් ඒකා දුකෙන් කාමරේට යද්දි මමත් ඒ පස්සෙන් කාමරේට ගියා. මට කොච්චර හංගන්න හැදුවත් මං දන්නවා ඒ ඇස් දිලිසෙන්නේ කදුළු නිසා කියල.

"අකූ, උබ දුකෙන් ඉන්නවා මට බලන් ඉන්න බෑ බං. අවුරුදු ගානක් ගිහිල්ලත් ලැබෙන්නේ නැති ආදරයක් බලාපොරොත්තු නොවී හිත හදා ගනින් බං,එතකොට දුකක් නෑ දරා ගන්න පුළුවන්"

"ඒත් මට ආසයි සිත් එකම එක තත්පරේකට හරි අම්මෙක්ගෙ, තාත්තෙක්ගෙ ආදරේ විඳින්න. මං අවුරුදු ගානක් තිස්සෙ බලන් ඉන්නවා කවදා හරි ඒ ආසාව ඉෂ්ට වෙයි කියල"

ඉකිය වාවගෙන ඒකා එහෙම කියද්දි මගේ පපුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තා. අනේ ඌත් ආස ඇති අම්මගෙ,තාත්තගේ ආදරේ විඳින්න. ඒ දෙන්නම ජීවතුන් අතර ඉන්න නිසා ඒකාගේ බලාපොරොත්තු තවත් වැඩි ඇති.

"උබට කවුරු නැතත් මේ මං ඉන්නවා බං, හැමදාම, හැම දේකටම. උබ ලස්සනම හිනා වෙද්දි බං.ඔහොම අඬන්න එපා මගෙත් පපුව රිදෙනව උබ දුකෙන් ඉද්දී"

"තාත්තා මගේ ඇස් ඉස්සරහම ඉඳන් මට වෙනස්කම් කරද්දි කොහොම දරා ගන්නද සිත්, මට මේ තරම් වෛර කරන්න මං එයාලට කරපු වැරැද්ද මොකක්ද කියලා මං හැමදාම කල්පනා කරනවා"

"වැරැද්ද උඹේ නෙවෙයි බං,උන්ගේ වැරදි වලටයි උඹෙන් පළි ගන්නෙ. කවදා හරි තේරෙයි උඹේ අගේ"

මං මොන තරම් දේවල් කිව්වත් ඉතින් ඒ හිතේ තියෙන දුක අඩු වෙන එකක් නෑ.මට කරන්න පුළුවන් එකම දේ එයා බලාපොරොත්තු වෙන ආදරේ මගෙන් හරි ලැබෙන්න සලස්වන්න.උබ වෙනුවෙන් මගේ හිතේ පපුව පැලෙන්න තරම් ආදරයක් තියෙනවා මගේ හාවෝ.....

සිඳු කියන්නේ සූරිය පායේ ටීවී එකට අරක් ගත්ත බහිරවයා. හැබැයි ඒකාගේ අයියා නම් අරක් ගත්තේ වත්තේ තියෙන පලතුරු ගස් වලටනේ, විශේෂයෙන් අර පේර ගහට, හවස් වෙලා මං සාලෙට එද්දිත් සුදු මල්ලි ටීවී එක ඉස්සරහට වෙලා කාටුන් එකක් බලනවා. හාවා වත් පේන්න නැති එකේ මමත් කම්මැලි කමට ටීවී එක ඉස්සරහින් ඉඳ ගත්ත, ඒත් ඉතින් දැන් ටීවී එකේ යන කාටුන් දැක්කම බඩ දඟලනවා. ඉස්සර හවසට අක්කු කාටුන් බලද්දි මමත් අම්මට හොරෙන් එහෙන් මෙහෙන් බලපු කාටුන් කොච්චර ලස්සනද. මූටත් අර කහ පාට රැස් විහිදන ලෝගෝ එක තියෙන මඟුල නැතුව වෙන චැනල් එකක් ඇත්තෙම නැද්ද මන්දා. අඩු ගානේ ස්කූබි ඩූ වත් බලන්න තිබ්බ.

විසේ කුරුට්ටා Där berättelser lever. Upptäck nu