විසේ කුරුට්ටා 9

257 35 13
                                    

මුලින්ම කතාව පරක්කු උනාට සමාවෙන්න ළමයි. ටයිප් කරන්න ගත්තට ඒක එපා වෙලා හිටියෙ. අනිත් එක කතාවේ චරිත තුනකට මං k pop idol තුන් දෙනෙක් අරන් තිබුණනෙ. මං ඒක වෙනස් කරා. පළවෙනි කොටස ආයෙත් බලන්න අලුත් චරිත තුන.....


උදේ සරූ අක්ක එයාගෙ කාර් එකෙන් සූරිය පායට ආවා. තනියම නම් නෙවෙයි දෙපැත්තේ එල්ල ගත්ත යාළුවෝ දෙන්නෙක් එක්ක. එක යාලුවෙක් නම් ඉතින් අපේ සමීනා අක්කනේ, ඒ කිව්වෙ එහා ගෙදර සුදු බෝල අක්ක.අනිත් අක්කත් සුදට සුදේ බැබළි බැබළි හිටිය. දැන හඳුනා ගන්න නම් ඒ හැටි රුචියක් නෑ ඉතින්. මොකද මට දැන් වැදගත් එකම දේ මගේ හා මස්සිනා විතරයිනෙ.

සරූ අක්කල ආවට පස්සෙ අපි දෙන්නයි සුදු නංගියි ඉක්මනට ලෑස්ති උනා. කෙල්ලො හතර දෙනාට නම් කාර් එකේ යන්න පුළුවන්. එතකොට මටයි මගේ හා පැටියටයි මොකද වෙන්නේ. එක්කෝ වහල උඩ, නැත්නම් රෝද දෙකක එල්ලෙන්නයි වෙන්නේ. අපෝ අපි දෙන්නව ඩිකියට ඔබයිද දන්නෙත් නෑ. හැබැයි ඉතින් කෙල්ලන්ව උකුලේ තියන් යනවාට වඩා ඒ විදිය දාහෙන් සම්පතක්.

තව කාර් එකක් ඇවිත් මිදුලෙ නැවැත්තුව ගමන් මගේ ප්‍රශ්ණෙට උත්තරේ සරූ අක්කගෙන් හම්බ උනා.

"අන්න දීශ් ලත් ආවා.එහෙනම් සුදු මල්ලිටයි, අක්කු බබාටයි එයාලා එක්ක එන්න පුළුවන්"

රදීශ් අයියව දකිනවාට වඩා මට ඕනකම තිබ්බෙ තේශ්ව බලා ගන්න. මගේ හාවා පැය ගානක් ෆෝන් එකේ එල්ලිලා කතා කරන එකා දැක ගන්න ඕන ඉක්මනට. රදීශ් අයියා මුලින්ම කාර් එකෙන් බැහැලා හිනා වේගෙන ඇවිත් ආච්චි අම්මට වැන්ද. අද සීයප්පච්චි ගෙදර නෑ. එයා ඉතින් එයාගේ බිස්නස් වැඩ කාටවත් බාර දීලා පාඩුවේ ඉන්නෙ නෑනෙ.

 එයා ඉතින් එයාගේ බිස්නස් වැඩ කාටවත් බාර දීලා පාඩුවේ ඉන්නෙ නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
විසේ කුරුට්ටා Where stories live. Discover now