විසේ කුරුට්ටා 11

196 32 8
                                    

සරූ අක්කගෙ වෙඩින් එකත් ලං වෙනවා. අපේ අම්මයි, ලොකු අම්මයි මේ සතිය ඇතුලත ලංකාවට ආවම සූරියපායේ මෙච්චර දවස් තිබ්බ සැනසීම නැති වෙයි. මටත් වඩා මගේ අක්කුගේ හිත රිදෙයි.

සරූ අක්කලගෙ ප්‍රී ෂූට් එකත් ඉවරයි. ඒකෙ වීඩියෝ වලට ෆොටෝ වලට අපිවත් එහෙන් මෙහෙන් වැටෙද්දී අක්කුට ඉන්න උනේ සුදු අක්ක ලඟ. මට ශාමිලා අක්ක ලඟ, එතකොට අර තේශ් අලි ඔළුවට අහු උනේ අපේ සුදු නංගි. උන් දෙන්නා එකෙක්ට එකෙක් පේන්න බෑ. ඕකුන් දෙන්නට හොදම වැඩේ.......

"ඔයාගෙ අක්කු බබාව මං බලා ගන්නම් බය වෙන්න එපා හොඳේ"

එදා සුදු අක්ක එහෙම කියද්දි මට දැණුන එයා අපේ ලව් එකට සපෝට් කියල. අක්කල තුන් දෙනාම එහෙමනෙ. අපිට ප්‍රශ්නයක් ආවත් දැන් නම් බය වෙන්න දෙයක් නෑ.

සීයප්පච්චි අපි දෙන්නට කෝස් එකක් කරන්න කිව්වත් මං ඒක ටිකක් කල් දැම්මෙ අක්කගෙ වෙඩින් එක ඉවර උනාට පස්සෙ ඒ ගැන හිතන්න ඕන නිසා. අම්ම ආවට පස්සෙ මොනව වෙයිද කියලා හිතා ගන්නත් බෑනේ. තාත්තගේ කතාවෙන් නම් තේරුනේ එයාට අම්මගෙන් ඩිවෝස් වෙන්න ඕන වෙලා කියලා. දැන් කොහොමත් ඒ දෙන්නා බැඳීම් අතෑරලා දාලනෙ ඉන්නෙත්. අම්ම දැන් ලංකාවට එන්නේ ආයෙත් යන්න බලාගෙනද එහෙම නැත්නම් සූරියපායේ ඉන්න බලාගෙනද දන්නෙත් නෑනෙ.එයා නතර උනොත් නම් මටයි අක්කුටයි සැනසීමේ කතා කරන්න වත් බැරි වෙයි.......

එහෙම දෙයක් උනොත් මේ ගෙදරින් යන්න තමයි වෙන්නේ. තනියම නම් නෙවෙයි. මගේ හා පැටියත් එක්කන් කොහේ හරි ගිහින් රස්සාවක් කරලා ජීවත් වෙන්න පුළුවන්නෙ.

°
°
°

දවස් ගණන් ගෙවිලා ගිහින් වෙඩින් එකට දවස් පහක් වගේ තියෙද්දී ලොකු අම්මලා ආවා. එයාලා එනවා කියලා ආච්චි අම්මට කෝල් කරානේ. එයාර් පෝට් එකෙන් එලියට ඇවිල්ලත් එයා කෝල් කරා මඟ එන ගමන් කියල. සුහාන්, සොහේල් දෙන්න එන සතුට මිසක් ලොකු අම්මලා එන එකට නම් මගේ කිසිම කැමැත්තක් නෑ........

සුහාන්ලා එද්දී මං හිටියේ කාමරේ, උන් දෙන්න ආව ගමන්ම මගේ කාමරේ හොයන් ඇවිත් ඒකට කඩා පැන්න.......

"සිත්"

සුහානයා ඇවිත් මගේ ඇගට පැන්න පාර තව ඩින්ගෙන් දෙන්නම බිම. ඌ මාව බදාගෙන ටිකක් වෙලා ඉදල අයින් උනාම පැත්තකට වෙලා බලන් හිටිය සොහෙල් අයියත් ළඟට ඇවිත් පිටට තට්ටුවක් දාලා චූටි හග් එක්ක දීලා ඈත් උනා.

විසේ කුරුට්ටා Where stories live. Discover now