විසේ කුරුට්ටා 5

298 38 39
                                    

අවුරුදු දහ නවයක් වෙච්ච ඉන්සර අසෙනිය සූරියආරච්චිව තුරුල් කර ගත්ත මං මගේ හිතෙන් අවුරුදු දහයක් වයස චූටි ඉන්සරව හිතෙන් මවා ගත්ත. මං මෙහෙන් යන්න කලින් දැක්ක අන්තිම රූපෙ........

"අක්කූ.....පුළුවන් නම් මට සමාව දෙන්න, නොදැන කරපු වැරදි වලට,නපුරුකම් වලට.ඒ කාලෙ මං පොඩියිනේ,හොඳ නරක තේරෙන්නේ නෑනෙ"

"ම්ම්ම්"

"මට සමාව දෙන්න පුලුවන්ද"

"ම්ම්ම්"

"අනේ කියන්නකෝ"

"මට හුම්ම ගන්න බැරියෝ.පොඩ්ඩක් ඔය අත් දෙක අයින් කර ගන්නවා"

මං මේකව කිටි කිටියේ බදාගෙන හිටියට මට අමතක උනා මේ ඉන්නෙ බෝනික්කෙක් නෙවෙයි මනුස්සයෙක් කියල.

"අක්කු ඔයා ඕ ලෙවල් පාස් උනාද"

"ඔව්"

"ඒ කියන්නේ ඒ ලෙවල් කරා නේද"

"ම්ම්ම්"

"දැන් ඉතින් රිසාල්ට් එනකම් මොකද කරන්නේ"

"සීයප්පච්චි කියනව කෝස් එකක් කරන්නලු, අනේ මට බෑ අප්පා ඕවට එහෙ මෙහෙ යන්න. මට කොච්චර වැඩ තියෙනවද"

මොනවද යකෝ මේකට තියෙන වැඩ. ආච්චි අම්මලා ගෙදර වැඩ ටිකවත් කරගන්නවද දන්නෙ නෑ.

අක්කුගෙ කාමරේ ටිකක් වෙලා ඉදල මං මගේ කාමරේට ආවා. දැන් ඉතින් රෙදි බෑග් ටික අස් කරන්නත් එපැයි. නමල අල්මාරියට දානවට වඩා ලේසියි මේ තියෙන විදියටම දැම්ම නම්. කොහොමත් රෙදි හොයන්න ගියාම ඕක හැඩි වෙනවා. අල්මාරියේ තියෙන ඇදුම් උනත් දොර ඇරපු ගමන් කකුල් දෙක පාමුලට කඩන් වැටෙන තරමට හදා ගන්න ඕන. නැත්නම් මුන් කරේ නගින්න එනවා.

සිඳු මල්ලි ඇවිත් මගේ කාමරේට තට්ටු කරල කෑම කන්න එන්න කිව්ව. මං එළියට යද්දි ඒකා අක්කුගෙ කාමරේ දොරටත් තඩි බාන්න ගත්ත. මමත් කෑම කාමරේට නොයා එතන නැවතුනේ තුන් දෙනා එක්කම යන්න.

ආච්චි අම්මයි, සීයයි විතරක් නෙවෙයි කෑම මේසෙ තවත් කෙනෙක් ඉදගෙන හිටිය.චූටි මාමා. සිඳුගෙයි, අක්කුගෙයි තාත්තා.හැබැයි එයාව දැක්ක ගමන් අක්කුගෙ මූණ වෙනස් උනා. තාමත් ඒ අර ඉස්සර වගේමද මන්දා මෙයාලගේ ප්‍රශ්න.

විසේ කුරුට්ටා Donde viven las historias. Descúbrelo ahora