විසේ කුරුට්ටා 12

194 35 10
                                    

අද පෝය නිසා පන්සලේ සෙනඟ ඇති. අක්කුගෙ යෝජනාවකට අපි ආවේ ටිකක් යන්න එන්න දුෂ්කර පන්සලකට. ගමේ පන්සල් දෙකක් තියෙනවා, එකක් අලුතින් හදපු ගම මැද තියෙන අලුත් පන්සල. අනිත් පන්සල ආරාමයක් වගේ කැලේ මැද තියෙන පරණ පන්සල. ඉස්සර පොඩි කාලේ දෙතුන් පාරක් ඒ පන්සලට ගිහින් තියෙන මතකේ නිසාම ආයෙත් යන්න ආස හිතුන නිසාම අක්කුගේ යෝජනාවට එක පයින් කැමති උනා. අනික ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නත් මට ඕන උනා. අම්මත් අද එනවා. අද උදේම එයාගෙ ෆ්ලයිට් එක ලංකාවට ආව නිසා මෙලහටත් එයා මඟ එනවා ඇති. සූරිය පාය ඇතුලේ මෙච්චර දවසක් නොදැනුන පීඩනයක් මේ දවස් දෙක තුනකට දැනෙන්න ගත්තා.........

අපි හය දෙනත් එක්ක පාරට එද්දී අපේ බෝල සුදු අක්ක ඉන්නවා එයාලගේ ගේ ලඟ, තනියම නෙවෙයි බයික් එකක අයියා කෙනෙකුත් හිටියා. සුදු අක්ක අතෙත් හෙල්මට් එකක් තියෙද්දී එයා ඒකත් දාගෙන බයික් එකට නැගලා මටයි, අක්කුටයි මහ මනමාල බැල්මක් දැම්ම. අපි දෙන්නව දකිද්දී එයාට කොහොමත් කිචි වගේනෙ. එයා අපිට බායි කියාගෙන යද්දි බයික් අයියත් අක්කු එක්ක හිනා වෙලා ඔලුවෙන් යන්නම් කියාගෙන ගියා.....   

"ඒ සුදු අක්කගෙ කොල්ලද"

"ම්ම්ම්, එයත් ඉක්මනට බඳින්න ඉන්නෙ"

"අපරාදෙ"

"ඒ මොකෝ"

යකෝ මේකා මාව කන්න වගේනේ ඇගට කඩන් පැන්නේ.

"නෑ බං මං හිතන් හිටියෙ සුදු අක්කවයි, ශාමිලා අක්කවයි සෙට් කරන්න"

"පිස්සුද මනුස්සයෝ"

අක්කුව මට දමාගෙන රවද්දි තේශ්කාරය බඩ අල්ලන් හිනාවෙන්න ගත්ත. සුදු මල්ලි අපිට ඉස්සර වෙලා ගිහින් වතු සුදු ගහක් සුද්ද කරන්න ගත්ත නිසා ඌට මං කිව්ව දේ ඇහුනේ නෑ. අයියා, මලෝ දෙන්නටත් මං කිව්ව දේ තේරුනට උන් දෙන්න ශාමිලා අක්කව දන්නෙ නෑනෙ. අනික සුදු අක්කව දැක්කේත් අවුරුදු ගානකට පස්සෙනෙ. සුදු අක්කගෙයි, ශාමිලා අක්කාගෙයි පිස්සු වැඩ දැක්කෙ අපි තුන් දෙනා විතරයිනෙ........

"හොදට හිටී ඔය බෝම්බ දෙක සෙට් උනොත් නම්, නැද්ද අසෙනිය"

තේශ් කියද්දි අක්කුත් ඒකට හිනා උනා. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේමත් නෑ ඉතින්.ඔය අස්සේ ඉතින් මං සුහානයගෙත් ලොකු වෙනසක් දැක්ක. පුංචි කාලෙ මං එක්ක එකටම හිටපු එකානේ. ඒකා තේශ් දිහා ඕනවට වඩා බලනවා. ඒත් තේශ් ඌව ගණන් ගන්නේ නෑ. තේශ් සුහාන්ව ගණන් නොගත්තට සොහෙල් අයියත් එක්ක හොඳට කතාව. ඒ නිසාම වෙන්න ඇති සුහාන්ගෙ මූණ අදුරු වෙලා තියෙන්නේ. මං හිතන විදියට අපේ පවුලේ අහිංසකම කෙනා තමයි සුහාන්. ඌ ඔය වගේ හිත රිද්ද ගනිද්දි මට දුකයි. ඒ නිසාම මං උගේ කරට අත දාගෙන අක්කුවත් එක අතකින් ඇදන් ඉස්සර වෙලා එන්න ආවා. හොදම යාළුවා ගැන වගේම මගේ ආදර හා පැංචා ගැනත් බලන්න එපැයි. නැත්නම් ඊලඟට හිත රිද්ද ගන්නෙ ඒකා......

විසේ කුරුට්ටා Where stories live. Discover now