📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁷🌷

785 136 9
                                    

A/N pov

එදා Nayoung නැති වෙලා හරියටම අවුරුදු දෙකක්. මේ අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් වුණත් Taehyungගේ හිතේ තියෙන දුක නම් නැති වුණේ නෑ. ඒ වෙනුවට එයාට දැන් දුකක් එක්කම තරහකුත් තිබුණා. Nayoungගේ සොහොන බලන්න Taehyung යන්නෙම නැති තරම්. ඒත් එයා නැති වෙලා අවුරුදු දෙකක් වෙනකොටත් Nayoungව නොබලා ඉන්න Taehyungට බැරි වුණා. හරියට කලින් අවුරුද්දේ වගේම. ඒ විතරක් නෙවෙයි Taehyungට එයාගේ දුක තවත් පාලනය කරන් ඉන්නත් බැරි වුණා. ඉතිං එයා Nayoung බලන්න ගිහින් හිර කරන් හිටපු කදුළු නිදහස් කරන්න තෝර ගත්තේ ක්ලබ් එක. මොකද Taehyung කවදාවත් Nayoung ඉස්සරහ ඇඬුවේ නෑ. උදේ ඉදලා පැය ගාණක් ක්ලබ් එකේ හිටිය Tae ටිකක් දවල් වෙලා එළියට ආවත් එයා හිටියේ හොඳ සිහියෙන් නම් නෙවෙයි. ඒ වනවිට විවිධ වර්ග වල මත්පැන් බෝතල් කීපයක්ම හිස් කරලා තිබ්බ Taehyung ක්ලබ් එකෙන් එළියට ආවේ තවත් බියර් බෝතලයක් අතේ තියාගෙන. යන්න ඕන තැනක් හරියට නොදැන තමන්ගේ කකුල් වලට නිදහසේ යන තැන තීරණය කරන්න දීලා Taehyung ඔහේ ඇවිදගෙන ගියා. පුරුද්දට වගේ එයා ගියේ Nayoung එක්ක ගොඩක් වෙලාවට ආව ගියපු තැනකට.
End of pov

🌸•••••••••••••••••••••••••••••••••••••••••••🌸

🌀: දැන් ඒ කියන්නේ අද ඔයා එක්ක මට එන්න වෙන්නේ නෑ ද??😒

🌷: නෑ ඉතිං... මම කිව්වානේ මට Library එකට යන්න ඕන..🥺

🌀: හහ්.... ඇස් දෙක බෝල කරලා කට උල් කරලා කිව්වම මම සමාව දෙයි කියලා හිතුවද...???😒

🌷: ඉතිං මම වැරැද්දක් කලාද?🙁

🌀: නැත්තං... ඊයෙ හා කියලා අද බෑලු...

🌷: අනේ Soo ඉතිං අහන්නකෝ... මට ඊයේ මේ වැඩේ තිබුණේ නෑ. හදිස්සියේ වැටුණේ. මට මේ නෝට්ස් ටික අදම හදාගන්න ඕන. නැත්තං අද මම ඔයාව කොහොමත් apartment එකට එක්ක යනවනේ....

🌀: ඔම්මලා නැති පැය ගාණක් බලලා මම මෙයාගේ තැනට යන්න වෙලාව හදාගත්තම එයාට වෙන වැඩ 😒🗡️ අර කෝල් එක ආව වෙලාවෙ ඉදලා තමයි මෙ ඔක්කොම.

🌷: අනී අනි.... එහෙම මොකුත් නැහැ. කිව්වම අහන්නකෝ... අපි වෙන දවසක යමු apartment එකට... හා නේද??🥺

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now