🎀 CHAPTER 10 🎀

953 200 161
                                    

පෙර කොටසින් 👇
ඔය විදියට බෝ වැඩ ඉවරවෙලා ගෙදර යන්න ලෑස්ති වෙන්න හදනකොට එන්න කියලා ජාන්ගෙන් පණිවිඩයක් ආවා. ජාන් හවස හතර වෙනකන්ම ඉදලා. බෝ ගියා ජාන් කිව්වේ එයාව ගෙදරට දාලා බෝටත් ලෑස්තිවෙලා එයාව ගන්න එන්න කියලා. බෝත් හා කියලා පිටත් වුනා. ජාන්ව ගෙදරින් බස්සලා බෝ ගෙදර ආවා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

බෝ ජාන්ව එක්ක යන්න ගෙදරට ආවා. වෙලාව හරි ඒත් ජාන් පේන්න නෑ වෙනදා වගේ, නින්ද ගිහින් වාහනේ සද්දෙට තමයි ඇහැරුනේ.... බෝ වට පිට බලලා බහද්දිම බැල්කනි එකෙන් ඔලුව දාලා,

🐰: මං දඩස් ගාලා එනවා, නින්ද ගියා හී......

බෝ කරේ ජාන් දිහා බලලා කට පැත්තට කරලා අහක බලාගත්තු එක, ජාන් බෝට රවලා ඇතුලට ගියා. බෝ වාහනේට හේත්තුවෙලා බිම බලාගෙන ඇස් වලින් හිනාවෙන ගමන්,

🦁: හාවෙක්මයි දිග කන් දෙක විතරයි අඩු, ආශ් ඔන්න ආයි හිතන්න පටන් ගත්තා. නෑ නෑ ඒ මුකුත් හිතන්න ඕන්නෑ සාමාන්‍ය විදියට හිටපන්

බෝ කොච්චර නොහිතා ඉන්න හැදුවත් හැම වෙලාවකදිම දඟකාර හැඟීම් මතුවෙනවා. ඒක නවත්තගන්න බෑ. වොශ් දාගෙන ආපු ජාන් ආයි උඩින් ඔලුව දාලා

🐰: හිටන් ඉන්න එපා ඇතුලෙන් ඇවිල්ලා වාඩිවෙන්න අපේ අම්මා ඇති පහල මං කියන්නම් යන්න

ආයි room එක ඇතුලට යන ගමන් අම්මට කෑගහලා කිව්වා. බෝ අනේ මන්දා කියන්න වගේ ඔලුව ඇල කරලා ගේ ඇතුලට ගියා. මාලිගාවක් වගේ ලස්සන ගෙයක් කවුරුත් පේන්න නෑ. හිටියත් පේන්නැති තරම් ඒ තරමට ලොකුයි. බෝ වටපිට බල බල හිටියා. එක තැනක photos ගොඩ තියෙනවා. ජාන්ගෙ පොඩි කාලෙ ඒවා එහෙමත් එතන තියෙනවා. ජාන් හාවෙක්ට ඇදගෙන ලොකු කැරට් අලයක් අතේ තියන් බනි හිනාව දාගෙන ඉන්න රාමු කරපු photo එකක් තිබුනා. ඒක දැක්කම බෝගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්, බෝ තමන්ටම

🦁: මං බොරුද කියන්නෙ, හාවෙක්මයි, හාවෙක් වෙන්න ගිහින් අම්මගෙ කැමැත්තට කොල්ලෙක් වෙලාද කොහෙද

ඒත් එක්කම ජාන්ගෙ අම්මා බෝ ලඟට ආවා. අම්මට බෝව දැක්ක ගමන් ආස හිතුනා. (Mother in law 🙈) කාටද ඉතින් ආස හිතෙන්නැත්තෙ බෝව දැක්කම. අම්මා හිනාවෙලා බෝට වාඩිවෙන්න කිව්වා. අම්මා සර්වන්ට් කෙනෙක්ට coffee එකක් ගේන්න කියලා, බෝට ඉස්සරහින් වාඩිවෙලා බෝත් එක්ක හරි ආසාවෙන් කතා කරා. බෝත් හරි නිහතමානී විදියට ඒවට උත්තර දුන්නා. ඒ අතරෙ තමයි ජාන් ලෑස්තිවෙලා පහලට ආවෙ ජාන් එද්දිම අම්මා නැගිටලා ජාන් දිහා බලන ගමන් බෝත් එක්ක හිනා වුනා. බෝ coffee බොනවා. ජාන් ආපු ගමන් අම්මා ලඟට ඇවිල්ලා අම්මව පිටිපස්සෙන් බදාගෙන,

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now