පෙර කොටසින් 👇
"දවල්ට කනකොට හිරවෙයන්, මෝඩයා, මං තිබ්බා හහ්"දඩස් ගාලා තියලා ඉවරයි. බෝ මේසෙ බදාගෙන හිනාවෙන්නෙ, ඒ එක්කම මැසේජ් මුකුත් වුන්නෑ වගේ ඒ පාර ආදරෙන් මැසේජ් කරනවා. හනේ මෙහෙමත් වැඩක්.
🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹
බෝ පාන්දර ඇවිල්ලා නිදා ගත්තා. මහන්සිය නිසා වැටිච්ච ගමන් නින්ද ගියා. පාන්දර 2.00 ට විතර මෙන්න ඩෝ බෙල් එක වදිනවා. බෝට උඩගිහින් ඇහැරුනේ ඒත් හිතුවේ හීනයක් කියලා නෑ බලද්දි ඇත්ත, ඒත් මේ මහ පාන්දර, නිදිමරගාතේ දොර ලඟට ගිහින් හිතින්
"මේ වෙලාවෙ හොරෙක්වත්ද...... නෑ නෑ හොරු බෙල් කරන්නෑනෙ, මොකෙක්ද අප්පා මේ....."
එහෙම හිතාගෙන එලියෙ ලයිට් එක දාගෙන දොර අරිනකොටම හාවා දත් තිස්දෙකම පෙන්නගෙන දොර ලඟ බෝට පුදුමයි ඒත් ගානක් නෑ...... එහෙම්මම දොරට වාරුවෙලා බාගෙට පියවුන ඇස් වලින් හාවා එක්ක හිනාවෙලා
"ශෝක් හීනයක්...... ඒ පාර හාවා ගෙදර එනවත් පේනවා, අනේ.... මාව ඇහැරෙන්න එපා....."
හාවට හිනා ඒත් සද්දෙට හිනාවෙන්න බෑනෙ බෝ හාවගෙ හිනාව දිහා බලන් ඉදලා
"ඔය හිනාව ඇත්තටම දකින්න තියෙනවනන්......"
ඒත් එක්කම බනි හිමිට
"පිස්සුද ආ.... මං මේ ඇත්තටමයි ඉන්නෙ"
"අනේ..... ඒ මදිවට කතත් කරනවා..... ඔහොම හිනාවෙන්න එපා හාවෝ මට පිස්සු වගේ....."
ඒත් එක්කම හාවා බෝව තල්ලුකරගෙන ඇතුලට ඇවිල්ලා එතනම බිත්තියට හේත්තු කරගෙන දොර වැහුවා. ඒ එක්කම බෝ සද්දෙට
"හහහහහහහහහහ හාවා......"
එතකොටම හාවා බෝගෙ කට අතින් තද කරේ අම්මා ඇහැරෙයි කියලා. බෝ ඇස් ලොකු කරගෙන බලාගෙන, පිස්සුවෙන් වගේ ඇස් හාවගෙ මූණෙ එහෙ මෙහෙ යවනවා. හාවා ඇස් වලින් හිනාවෙලා බෝ දිහා බලාගෙන ඉදලා
"මං ආවා සප්රයිස් උනා නේද"
බෝ දැන් තමයි හරි සිහියෙ ඉන්නෙ ඒත් හාවගෙ ඇස් අස්සෙ අතරමංවෙලා ඔහේ බලාගෙන ඉන්නවා. හාවා ගොඩක්වෙලා බලන් හිටියා මේ වැඩේ.....
YOU ARE READING
🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
Fanfictionආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022