part 3

335 37 7
                                    

ජුන්කුක්ගෙ මිදුලට වාහනේ දන්න බැරි නිසා වෙනදා වගෙම ගේ ඉස්සරහ පාරෙන් තමා වාහනේ නැවැත්තුවෙ. පස්සෙ අයිත් අර පුංචි වලස් පැටියවත් වඩා ගෙන බොහොම අමාරුවෙන් ගෙදර දොර ඇර ගත්තා. පස්සෙ එයාව ඉස්සරහ සෝෆා එකෙන් තියලා එයාට comfortable වෙන්න කොට්ටෙකුත් ගෙනත් තිබ්බා.

ඊට පස්සෙ තමා ජුන්කුක් වොශ් එකක් දාගෙන කන්න මොනා හරි හදා ගන්න කුස්සියට ආවෙ. වෙනදා වගේම චිල් එකෙ නූල්ඩ්ස් එකක් හදාගෙන කන ගමන් වෙලාව බැලුවේ නිකමට වගෙ...

"පාන්දර තුනයි....! මොකා... ඒ ඩිංගට එච්චර වෙලා ගිහිල්ලද...?" කියලා ජුන්කුක්ට ඉබේටම කිය වුනා. පස්සෙ කාලා බීල අස් පස් කරලා නිදා ගන්න කාබරේට යනකොට තමා මතක් උනේ එයාගෙ සොෆා එක උඩ ඉන්න අලුත් යාලුවව.

"හයියො... අමතක උනා නෙ..... එයා මුකුත් කාලත් නැතුව ඇති...." ආපහු කාබරෙ පැත්තට තිබ්බ අඩිය ආපස්සට හැරෙව්වෙ එයාටත් බඩ ගිනි නම් මොනා හරි හදලා දෙන්න කියලා හිතා ගෙන.

ජුන්කුක් හිමෙන් සීරුවේ සෝෆා එක ලගට ගියා. මොනා කරන්නද එයා හොදටම නිදි. සෝෆා එක උඩ සීතල වෙයි කියලා හිතලා ජුන්කුක් එයාව එයාගෙම ඇද උඩට අරන් ගියා.

එයා ඇදගෙන හිටියෙ හැන්ඩ් කට් බැගී ශර්ට් එකකුයි පොඩි කොට කලිසමකුයි. ඒක නිසා ජුන්කුක් තමන්ට නැතත් රෙද්ද හොදට එයාට පෙරෙව්වා. පස්සෙ ටිකක් වෙලා එයගෙ මූන දිහා බලන් හිටියෙ එයා නිදා ගෙන ඉන්න කොටත් හරිම ලස්සන නිසා.

පස්සෙ ඉතින් මොනා කරන්නද එයා කතා කරන්නෙ වත් නැනෙ. එක නිසා ඔන්න ඔහේ එයාට හේත්තුවක් දාගෙන ජුන්කුකුත් නිදා ගත්තා.

උදේ 10ට විතර ආපු කෝල් එකක් නිසා ජුන්කුක්ට ඇහැරුනා. නැත්තම් ජුංකුක් තාමත් හොදට නිදි.

"කො.. බං... අද උබ එන්නෙ නැද්ද...?"

"ඈ... මොකා...."

"අදත් නින්ද ගියා නෙ....."

"දැන් වෙලාව කීයද...?"

"යකො... දැන් 10ත් පැනලා...."

"අනෙ... වද දෙන්නෙ නැතුව තියපන්කො... තව ටිකක් නිදා ගන්න දීලා..."

"හරි හරි.... උබ නැගිට්ටට පස්සෙ TV එක පොඩ්ඩක් බලපන්කො... එහෙනම් මං තිබ්බ..."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now