part 6 🔞

395 33 2
                                    

ජුන්කුක් ගෙදරට ඇවිල්ලා දොර ඇරිය ගමන් එයාට ඇහුනේ පොඩි ලමයින්ගෙ කාටුන් වල යන සින්දුවක් මැදසාලෙ පැත්තෙන් ඇහෙනවා වගේ. ඉතින් ජුන්කුක් හෙමීට ගිහින් බැලුවා ඒ මොකක්ද කියලා.

බැල්ලිනම් තෙයොන් Tv එකේ යන කාර්ටූන් එකක් බලනවා. උදේ හිටිය ඇදුම පිටින්ම.....

"මෙ...... ඔය උදේ ඉදගත්ත ගමනද ඔය තාම කාටූන් බලන්නෙ......"

තෙයොන් ජුන්කුක්ගෙ මූන දිහා බලලා හිනා උනා.

"කො.... බැ...... බැ..... දැන් නැගිටින්න.... උදෙ කිරිත් හලා ගත්තා නේ ඇදුමෙ..... යන්න ගිහිල්ලා වොශ් එකක් දාගෙන ඇදුම් මාරු කර ගන්න....."

ඒත් එයා ජුන්කුක්ව ඇහුනෙ නෑ වගේ tv එක දිහාම බලාගෙන හිටියා. ඒක නිසා ජුන්කුක් එයාව උස්සලා අරගෙන නැගිට්ටෙව්වා.

"අනෙ...... බැ..... බැ......."

"බැ බැ නෙවෙ...... යනවා ගිහිල්ලා නා ගන්නවා....."

ඒ උනාට තෙයොන් ජුන්කුක් කියන දේ අහන්න කැමති උනේම නෑ. පස්සෙ ජුන්කුක් අදින්න තව හූඩියකුයි කලිසමකුයි ටවල් එකයි අරන් ඇවිලා තෙයොන්ගෙ අතට දුන්නා.

ජුන්කුක් තෙයොන්ට හැම වෙලෙම අදින්න හූඩි දෙන්නෙ ඒවට එයාගෙ මුලු ඇගම කවර් වෙලා උනුහුමක් දෙන නිසා.

ඒ වෙලෙම කාටුන් එක ඉවර උනු නිසා තෙයොන් ටවල් එකත් ඔලුව උඩ තියගෙන බාතෲම් එකට ගියා.

එයාගෙ මේ වැඩ නිසා අව්ල් වෙලා තිබ්බ ජුන්කුක්ගෙ මූඩ් එක හරි ගියා. තෙයොන් නාගෙන එකනල් ජුන්කුක් සෝෆ එක උඩට වෙලා මේ වෙලා තියන දේවල් කොහොමද එයාට කියන්නෙ කියලා කල්පනා කලා.

ඒත් ආපස්සට ජුන්කුක්ට මතක් උනේ තෙයොන් තාම එක පාරක්වත් ජිමින් ගැන ඇහුවෙ නැනෙ කියලා. ඒක නිසා ඇහුවොත් විතරක් කියනවා කියලා ජුන්කුක් හිත හදා ගත්තා.

ජුන්කුක් ටිකක් comfortable විදිහට සෝෆා එකෙ වාඩි වෙලා සෝෆ එකෙ මිට්ටමට ඔලුව තියන් වහලෙ දිහා බලන් හිටියා. විනාඩි 10ට විතර පස්සෙ බාත් රූම් එකෙ දොර ඇරෙන සද්දෙ ජුන්කුක්ට ඇහුනා.

ඊට පස්සෙ වෙනදා වගේ ම තෙයොන් කොන්ඩෙත් වතුර බේරි බේරි ජුන්කුක් ඈත් වෙලා තිබ්බ කකුල් දෙක අතරට එයාගෙ කකුල් දෙක දාලා ජුන්කුක්ගෙ ඉස්සරහින් හිට ගත්තා.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now