part 13

176 19 7
                                    

පහු වෙනිදා උදේ තෙයොන්ට ඇහැරෙනකොට ජුන්කුක් එයාව තද කරලා බදගෙන හිටිය නිසා තෙයොන්ට හෙල්ලන තියා හුස්ම ගන්න වත් බැරි උනා.

ඒත් කොහොම කොහොම හරි ඇස් උඩට කරකෝලා ඔරලෝසුව දිහා බැලුවා. බැලින්නම් වෙලාව නමයාමාරයි.

"හපොයි..... ජුන්කුක්ට වැඩට යන්න පරක්කු වෙනවනෙ..."

තෙයොන් කලබල වෙලා ජුන්කුක්ව නැගිට්ට වන්න හදන කොට තෙයොන්ට ආයිත් මතක් උනේ...

"නෑ එක්කො කමක් නෑ... එතකොට එයා මං එක්කනෙ..."

කියලා. ඉතින් තෙයොන් එහෙමම ආපහු හාන්සි උනා. පස්සෙ තෙයොන් ආයිත් හිටිය විදිහටම හාන්සි වෙනවා ජුන්කුක් දැකලා

"නැගිට්ට නම් ලෑස්ති වෙන්නකෝ... අපි ගමනක් යං..."

කියලා කිව්වා.

"හේයි ඔයා ඇහැරගෙනද හිටියෙ...? මං හිතුවා තාම නිදි කියලා..."

"මං නිදි නෑ..."

ජුන්කුක් ඇස් පියාගෙනම තෙයින්ට කිව්වා. ඒත් මේ දෙන්නා මෙහෙම පැය භාගයක් විතර හිටියා. පස්සෙ තමා නැගිටලා ලෑස්ති උනේ.

එදා ජුන්කුක් තෙයොන්ට එයාලා මීට් උනු මුල් දවස් වල වගේ බිස්කට් එක්ක කන්න කිරි එකක් හදලා දුන්න. අදත් ඉතිම් එදා වගේම තෙයොන් කිරි කෝප්පෙයි බිස්කට් ටින් එකයි අරන් ගිහින් සෙටිය ලග ස්ටූල් එකේ තියලා බිම ඉදගෙන tv එක දාගත්තා.

හැබැයි එදා වගේ නෙවෙ... තෙයොන් ඒක පිලිවෙලට කෑවා. බිස්කට් ටින් එකට අත දාන්න බය උනෙත් නෑ.

ටික වෙලාවකින් තෙයොන් කෙස් ගස් 3ක් විතර අතට අරන් ජුන්කුක්ගෙ පැත්තෙ හැරුනා.

"ඊයා... මේ බලන්නකො... එක පාරට මගෙ කටට වැටුනනෙ...."

ජුන්කුක් මේ වෙලේ ටිකක් බය උනා. ඒත් ජුන්කුක් ඒක පෙන්නුවෙ නෑ.

"කොහොමත් කෙනෙක්ගෙ දවසකට කෙස් ගස් 10ක් විතර ගැලවෙනවනේ..."

"අහ්... ඔව්... මම නිකන් පෙන්නුවේ... මම හිතුවා ඒවා ඔයාගෙ වෙන්න ඇති කියලා..."

"හෙ හෙ... මගෙ කොන්ඩෙ යන්නෙ නෑ..."

"ඔව් ඉතින් ඔයා මනුස්සයෙක් නෙවෙයිනෙ...😅 මේ ඒක නෙවෙ... අපි කොහෙද යන්නෙ...?"

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now