part 8 🔞

340 29 0
                                    

පහු වෙනිදත් ඉතින් ඔය වගේම ගෙවුනා. එදාත් ජුන්කුක් වැඩට ගියේ දොරෙ යතුර ගන්නෙ නැතුව. ඉතින් එදා හවසත් තෙයොන් මිදුලට වෙලා ඇවිද ඇවිද ඉන්න කොට අර ඊයෙ හිටිය මනුස්සයම ආයිත් කලින් වගේම එයා දිහා බලාගෙන ඉන්නවා දැක්කා.

එයා ඊයෙ වගෙම කැප් එකයි මාස්ක් එකයි දලා හිටිය නිසා තෙයොන්ට එයා කවුද කියලා හරියට ම අදුර ගන්න බැරි උනා.

ඊයෙ තෙයොන් එහෙම කෙනෙක් එයාගෙ දිහා බලන් හිටියා කියලා ජුන්කුක්ට මුකුත් කිව්වෙ නෑ. මොකද ඒක එච්චර ගනන් ගන්න දෙයක් නෙවෙයිනෙ. ඒත් අදත් ඊයෙ වගේම කෙනෙක් ඇවිත් එයා දිහා මෙහෙම බලන් ඉන්න එක ටිකක් අසාමාන්‍යයයි කියලා එයාට තේරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. පස්සෙ තෙයොන්ට බය හිතිලා එයා ගෙට ගිහින් දොර වහගත්තා.

එදා හවස තෙයොන් හිතා ගත්තා මේ ගැන ජුන්කුක්ට කියනවා කියලා. ඒත් එදා ජුන්කුක් ගෙදර ආවෙ යුන්ගිවත් එක්ක ගෙන....

"ඔහ්....... කවුද මේ බෝයි.... ජුන්කුක්.....?"

"අහ් එයා මගෙ අදුරන මල්ලි කෙනෙක්..... මාත් එක්ක මෙහෙ තමා ඉන්නෙ....."

"ඔයා මට මෙයා ගැන කිව්වෙ නැනෙ......"

"මං කිව්වෙ නැද්ද....?"

"නැනෙ..."

"හරි හරි... ඔන්න දැන් කිව්වනෙ...."

"ඉතින් කොල්ලො මොකක්ද ඔයාගෙ නම....."

තෙයොන් යුන්ගි එක්කත් කතා කරන්න කැමති උනේ නෑ.

"හපො..... මෙයාගෙ ආඩම්බර... මූන ලස්සන කොල්ලො ඔහොම්මයි..."

"හෙ හෙ......😅 එයා ටිකක් ලැජ්ජයි..."

"ඒකට කමක් නෑ...... කෝ..... බං මොනාද කරන්නෙ... මොනා හරි හදලා ගනිනකෝ....."

කියලා ජුන්කුකුයි යුන්ගි සල්ලි දාලා ගෙනාපු බෝතලේ යුන්ගි කැඩුවා. ජුන්කුක් කුස්සියේ ඉදන්ම "මේ එනවා" කියලා කෑගැහුවා.

මැද සාලෙ ඉදන් කුස්සයට ආපු තෙයොන් ජුන්කුක් ලගට ඇවිල්ලා එතන මොනාද වෙන්න යන්නෙ කියලා ඇහුවා. ජුන්කුක් ග්ලාස් දෙකකුත් හෝදන ගමන් පොඩි සෙලිබ්‍රේශන් එකක් කියලා ග්ලාස් දෙකත් අරගෙන සාලෙට ගියා.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now