part 19🔞

253 16 0
                                    

තෙයොන් ජුන්කුක් එක්ක කතා කලෙ නැති නිසා ජුන්කුක් හිතුව තෙයොන් නො කිව්වට එයාට මේ වෙලෙ ඉන්න ඕනෙ තනියම වෙන්න ඇති කියලා. ඒක නිසා ජුන්කුක් කාබරෙන් එලියට ගිහින් සෙටියෙ වාඩි වෙලා හිටියා.

මේ වෙලෙ යුන්ගි කුස්සිය අස් කරලා ඉවර වෙලා ඊයෙ බිම වැටිච්ච බීම වල පැල්ලමුයි ලේ පැල්ලමුයි සුද්ද කරන්න පටන් ගත්තා.

පැය කාලකින් විතර තෙයොන් බෙඩ්ශීට් එකත් ඇග වටේ ඔතාගෙන ජුන්කුක් ලගට ඇවිල්ලා එක පාරට ජුන්කුක්ගෙ පපුවට තුරුල් වෙලා ගුලි උනා. යුන්ගියි ජුන්කුකුයි දෙන්නම ෆුල් කන්ෆියුස්.

පස්සෙ ජුන්කුක් හිමීට තෙයොන්ගෙ ඔලුව අත ගාන ගමන් එයාගෙ දිහා බලන් හිටිය යුන්ගිට කන්න මොනා හරි ගේන්න කියලා ඉගි කරන ගමන්. පස්සෙ යුන්ගි ෆිජ් එකේ තිබිලා ඩොනට් එකක් ජුන්කුක්ගෙ අතට දුන්නා.

පස්සෙ ජුන්කුක් තෙයොන්ට පෙන්න වගේ ඩෝනට් එකෙන් පොඩි කෑලක් කෑවා. ඊට පස්සෙ ඒ ඩෝනට් එක තෙයොන්ගෙ කටට ලන් කලා. ඒ වෙලෙ තෙයොන් ඩෝනට් එකෙන් පොඩි කටක් කෑවා. පස්සෙ ජුන්කුක් හිමීට හිමීට මුලු ඩෝනට් එකම තෙයොන්ට කැව්වා.

යුන්ගි ටික වෙලාවකින් ජුන්කුක්ගෙ කනට ලං වෙලා ගෙදර යන්න ඕනෙ කියලා ගියා. තෙයොන් යුන්ගි යන දිහා බලාගෙන ඉදලා යුන්ගි ගියාට පස්සෙ එක පාරට නැගිටලා කර්ට්න් එක අස්සෙ තිබ්බ එයාගෙ ෆෝන් එකේ කෑලි ඔල්ලොම ටික අරගෙන ජුන්කුක්ගෙ ලගට ආවා.

"අහ්... මොකද උනෙ...."

තෙයොන් ජුන්කුක්ට මුකුත්ම කිව්වෙ නෑ පස්සෙ ජුන්කුක් ඒ ඔක්කොම කෑලි ටික එයාගෙ තනි අතින් සෙට් කරලා ඔන් කරන්න උත්සහ කලා. ඒත් වැඩක් උනේ නෑ.

"මං හිතන්නෙ.... මේක බැට්රිය පුපුරලා වෙන්න ඇති... එතකල්... ඔය මගෙ එක පාවිච්චි කරන්න... හාද...?"

කියලා ජුන්කුක් එයාගෙ ෆෝන් එක එයා ලග වාඩි වෙලා බිම බලන් ඉන්න තෙයොන්ගෙ පැත්තට දික කලා

"ආ.... මේක ගන්නකො..."

ඒත් තෙයොන් ජුන්කුක්ගෙ ෆෝන් එක අතින් වත් ඇල්ලිවේ නෑ. පස්සෙ ජුන්කුක් තෙයොන්ගෙ ඔඩොක්කුවේ ගුලි වෙලා තිබ්බ අත උඩින් ෆෝන් එක තියන්න උත්සහ කලාම එක පාරට තෙයොන් කදුලු පුරෝ ගත්ත කලබල ඇස් වලින් ජුන්කුක් දිහා බලලා

<Who-Am-I> [BTS සිංහල - Completed]Место, где живут истории. Откройте их для себя