part 14

155 17 5
                                    

"තෙයොන්.......  මේ අහන්න මම අද වැඩට යනවා.... ඔයා ගේ ඇතුලට වෙලා ඉන්න... කොහෙවත් යන්න එපා... මම උදේට කන්න හදලා තියෙන්නෙ.... කාලා බෙහෙත් බීලා ඔනෙ නම් ආයි නිදා ගන්න... මම අද කලින් එන්න බලන්නම්..."

"අ.... අද යනවද...?"

"ඔව්... අද එන්න කිව්වනෙ..."

"ඇයි කීද්දුවෙ නැත්තෙ... කීද්දුව නම් මමත් ඔයාට උදව් කරනවනෙ..."

"ඔයා පුංචි බබෙක් වගේ ඔහොම නිදාගෙන ඉන්නකොට මම කොහොමද අනේ ඔයට කූද්දන්නෙ...? දැන් නැගිටලා කන්නකො..."

"හ්ම්......"

ජුන්කුක් කලබලෙන් කොන්ඩෙ පීරන ගමන් කියාගෙන කියාගෙන යනකොට තෙයොන් ඇදේ ඉදගෙන ඇස් පොඩි කර කර කතා කලා.

ජුන්කුක් තෙයොන්ට යනවා කියලා කිස් එකකුත් දීලා ගියා. තෙයොන් ජුන්කුක් එක්ක ම එලියට ගිහින් ජුන්කුක් පේන්නෙ නැති වෙනකල් ම ඉදලා ගෙට ගිහින් දොර ලොක් කර ගත්තා. පස්සෙ කාලා, නාලා සෙටියෙ ඉදගෙන ඊලගට මොනාද කරන්නෙ කියලා කකුල් දෙකත් පද්ද පද්ද කල්පනා කර කර හිටියා.

කරන්න දෙයක් හිතෙන්නෙම නෑ. පස්සෙ ඉතිම් ඔරලෝසුවේ කට්ට දිහා සෙටියෙ අනිත් පැත්තට ඉදගෙන බලාගෙන හිටියා. දන්නෙම නැතුව ටික වෙලාවකින් එයාට නින්ද ගියා.

මේ අතරෙදි ජුන්කුක්....

"ආ....... සීයෙ..... වැඩ වගේ..."

කියාගෙන පුටුවෙ නිදගෙන ඉන්න යුන්ගියෙ කරට පාරක් ගහගෙන ජුන්කුක්ගෙ ටේබල් එක ලගට ගියා. එක පාරට ඇහැරුනු යුන්ගි කටේ කෙලත් පිහිදලා

"අඩේ...... උබ ආවද බං...? මෙහ්... මොනා කරන්නත් කලින් ගිහින් බොසාව හම්බ වෙලා වරෙන් ඈ...."

"ඔව් ඔව්... මේ එකට තමයි යන්න හැදුවෙ..."

"හ්ම් හ්ම්.."

"මෙ මට උබෙන් උදව්වක් ඕනේ... පස්සෙ ඇවිල්ලා කියන්න ඈ...."

"අනේ මේ... පරන කේස් නම් අවුස්සන්න හදන්න එපා..."

යුන්ගි කරිඩෝව දිගේ යන ජුන්කුක්ට ඇහෙන්න හයියෙන් වගේ ම හිමින් කෑ ගහලා කිව්වා. ජුන්කුක් තම්බ්ස් අප් කරන ගමන් බොස්ගෙ ඔෆිස් එක පැත්තට ඇදුනා.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now