part 5

292 35 9
                                    

"අහ්......"

එක පාරට ඇදෙන් බිමට වැටුන ජුන්කුක් අතත් අල්ලන් කෑ ගැහුවා.

"මොනද ඔයාට වෙලා තියෙන්නෙ..... ආව්... මගෙ අත..."

පුංචත් ඇද උඩ බය වෙලා වගෙ බිම ඉන්න ජුන්කුක් දිහා බලන් හිටියා.

"ඔයාව රෑ ඉදලා තුරුල් කරන් ඉදලා මගෙ අතත් හිරි වැටිලා.... ඇයි මාව තල්ලු කලේ...."

ඒත් එයා මුකුත්ම ජුන්කුක්ට කිව්වෙ නෑ.

"මම දන්නවා ඔයාට මාව ඇහෙනවා කියලා..... ඔයාමනෙ ඊයෙ කිව්වෙ ඔයාගෙ ලගින් ඉන්න කියල... ඒකයි මම ඔයාව තුරුල් කර ගත්තෙ.... නැතුව මට තියන අමාරුවකට නෙවෙ....."

බනින ගමන් ජුන්කුක් අතත් අල්ල ගෙන නැගිටලා කාබරෙන් යන්න ගියා.

පස්සෙ කේන්තියෙන් වගේ මූන හෝදලා තේ එකක් හදා ගන්න කුස්සියට ගියා. එතකොට ජුන්කුක්ගෙ ලගට පුංචත් ඇස් පොඩි කර කර ආව.

එයා හෙමින් හෙමින් ජුන්කුක්ගෙ ලගට ඇවිල්ලා අතට ඇගිල්ලෙන් ඇනලා අඩියක් පස්සට පැන්නා. ආයිත් හොර පූසා වගේ හෙමින් හෙමින් ඇවිල්ලා අයිත් එහෙම අතට ඇන්නා.

"මොනාද වෙලා තියෙන්නෙ.....!"

"නෑ..... අත කැඩිලා නැනෙ...."

ජුන්කුක් කෙන්තියෙන් වගේ කතා කලාට එයාගෙ කේන්තිය නිවිලා ගියෙ ඒ පුංචා ඉස් ඉස්සලාම වචනේ ජුන්කුක් එක්ක කතා කරපු නිසා..

"සමාවෙන්න....."

එයා බිමත් බලාගෙන කකුලෙ මහපට ඇගිල්ලෙන් පොලොවෙ රටා අදින ගමන් කිව්වා.

"කමක් නැ.... මම නිකමට එහෙම කිව්වෙ...."

"හ්ම්....."

එයා ජුන්කුක්ගෙ බැගී ශර්ට් එකේ අතෙන් ඇදලා ෆැන්ට්‍රි එක උඩ පෙන්නුව.

"මෙතනින් ඉද ගන්න ඔනෙද....?"

"හ්ම්..."

එයා එහෙම කිව්ව නිසා ජුන්කුක් එයාව උස්සලා අරන් ෆ්‍රැන්ට්‍රිය උඩින් ඉන්දෙව්වා.

"බලාගෙන වැටෙයි.."

"හ්ම්....."

"ඇයි කලින් කතා කලේ නැත්තෙ...."

"මම වචන දන්නෙ නැ...."

"බොරු කියන්න එපා.... ඔය හොදට කතා කරන්නෙ....."

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now