part 11

194 19 5
                                    

"කෝ බෙහෙත් ටික ගන්න බලන්න... දැන් බෙහෙත් බොන්නත් එපැයි..."

"බෙහෙත් බොන්න ඕනෙ නෑ අනේ... දැන් මට හොදයිනෙ..."

"එහෙම බෑනෙ... වැස්සෙ නටලා අසනීප උනා නම් දැන් බෙහෙත් බොන්න..."

ජුන්කුක් එහෙම කියලා තෙයොන්ට දීලා තියන ඔක්කොම බෙහෙත් පෙති ටික කඩ කඩා තෙයොන්ගෙම අතට දැම්මා. ඔක්කොම බෙහෙත් පෙති 10ක් විතර තෙයොන්ගෙ අතේ තියනවා. ජුන්කුක් කොච්චර කිව්වත් තෙයොන් මේ එකක් වත් බොන්න කැමති උනේ නෑ. පස්සෙ ජුන්කුක් ටිකක් සැරෙන් වගේ කිව්ව නිසා අකමැත්තෙන්ම ඒ ඔක්කොම බෙහෙත් ටික තෙයොන්ට බොන්න සිද්ද උනා.

එදා රෑ ජුන්කුක්ට කරන්න කොච්චර වැඩ තිබ්බත් ජුන්කුක් ඒ ඔක්කොම නවත්තලා තෙයොන් එක්ක ගිහින් නිදා ගත්තා. පහු වෙනිදා උදේ ජුන්කුක් වැඩට ගියෙත් අකමැත්තෙන්. තෙයොන්ට ජුන්කුක්ගෙ මේ වෙනස් වීම පුදුමක් උනා.

ජුන්කුක් උදේ පිටත් වෙන්න කලින් බෙහෙත් ටික බොන්න ඕනෙ විදිහ ගැන තෙයොන්ට වෙනම ලෙක්ච එකක් දීලා ගියේ. ඒත් තෙයොන් නම් ඒ එක බෙහෙත් පෙත්තක් වත් කටේ වත් තිබ්බෙ නෑ.

තෙයොන් හවස ජුන්කුක් එනවද කියලා බලන ගේට් එක ගාවට ගියහම අර මේ ලගදි දවසක් එයාගෙ දිහා බලන් හිටිය පිරිමි කෙනා ආයිත් මෙන්න බොලේ එයා දිහා බලන් ඉන්නවා. පස්සෙ එයා එක පාරට උත්සහ කලේ පාර පැනලා තෙයොන් ගාවට එන්න. එ වෙලෙ තෙයොන් ගොඩක් බය වෙලා ගේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. පස්සෙ ජුන්කුක් එනකල් ගේ ඇතුලට ම වෙලා හිටියා.

ජුන්කුක් වැඩ ඇරිලා ගෙදර ආව ගමන් වෙනදා වගේ තෙයොන් දුවගෙන ගිහිල්ලා ජුන්කුක්ව බදා ගත්තා.

"ඇයි එන්න පරක්කු උනේ...? මං බලන් හිටියා..."

"කෝ මේ බලන්න.... බෙහෙත් ඔක්කොම ටික බිව්ද...?"

තෙයොන් බිම බලාගෙන හිටියා. පස්සෙ ජුන්කුක්ට බොරු කියන්න බැරි නිසා තෙයොන් නෑ කියන්න උත්සහ කලත් තෙයොන්ගෙ නිහැඩියාව ගැන වැරදිට තේරුම් ගත්ත ජුන්කුක් තෙයොන් ඒ ඔක්කොම බෙහෙත් ටික බිව්වා කියලා හිතා ගෙන ජුන්කුක්ගෙ කෝට් එක ඇතුලෙ තිබිලා තෙයොන්ට ලොලිපොප්  එකක් දුන්නා.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now