Chapter 02

1.2K 240 158
                                    

"මොකක්..."

පිටිපස්ස බලපු මට කෑගැහුනේ දැක්ක දේ අදහගන්න බැරුව..ඒත් ඒක මගේ කටින් හයියෙන්ම කියවිලා කියලා මට තේරුනේ අපේ සර්කාරයාගේ වටිනා සම්පතක් වුන මාර්කර්පෙන් එක දෙනෝදාහක් ඉස්සරහා පියාඹනවා දැක්කම..

"Xiao Zhan..නැගිටිනවා..කිව්වම අහලා නැගිටිනවා තවත් බලන් ඉන්නේ නැතුව..ආ අන්න එහෙම..දැන් කියනවා..තමුන් මගේ පන්තිය අතරේ නිදාගන්නේ මොකද.."

සර්කාරයා නහර පුප්පගෙනගෙන කෑගහනකොට මං ටක්ගාලා නැගිට්ටේ මොනවා වුනත් ඉතින් මට තව අවුරුද්දක් ඉගෙනගන්නත් තියෙන හින්දයි , දෙයියනේ කියලා මමාගේ චුටි පුතා කූරාකූඹියෙක්වත් මැරෙනවා බලන්න කැමති නැති හින්දයි..

"ඒ වුනාට..ඇ..මොකක්ද කිව්වේ..නිදාගත්තා..?..මේ මම..යකු ඇස් පියාගත්තා විතරයි මනුස්සයෝ..ආ නැ සර්..ඔව් ඇත්තමයි මං එක තත්ත්පර භාගෙකට ඇස් පියාගත්තා විතරයි..මං නිදාගත්තේ නැ..මේ යුබින් පල්ලා.."

සර්කාරයගේ කණ්ණාඩියත් තරහටමද මංදා වෙව්ලනකොට මම යුබින්ගේ ඔලුවෙන් අත තියලා පොඩ්ඩක් ඔලුව තදකරලා දිව්රුවේ උගේ කටින් හොද වචන දෙක තුනකුත් පිටවෙනකොට...

"ඉදකින් ගල් මූසලයා..උඹේ කටට සීනි දාලා වෙඩි තියනවා..හිටපිය මේක ඉවර වෙනකන්..."

යුබින් කුටු කුටු ගානකොට සර්කාරයා ආයෙත් ගොරවනවා ඇහුන හින්දා ටක්ගාලා ඉස්සරහා බැලුවේ තවත් මොකක්වත් පියාඹලා ​එයි කියන සාධාරණ සැකේ හින්දයි...

"ඉදගන්නවා..හැබැයි ආයේ මෙහෙම තමුන් නිදාගෙන ඉන්නවා කියලා මට චිට් එකක් ආවොත් තමුන් කොච්ච්ර හයි මාක්ස් අරන් කොලේජ් එකේ පලවෙනියා වුනත් තමුන්ට ඉන්න වෙන්නේ මගේ පන්තියෙන් එලියේ..තේරුණාද.."

මොන අසමජ්ජාතියද යකෝ සර් ට චිට් යැව්වේ..

"සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.."

අසාධාරණය වෙනුවෙන් නැගිටින්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනි නැ කියන එක අපේ මමා මට පුංචි කාලේ ඉදලම කියලා දීලා තිබුණේ හොද වෙලාවට..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now