Chapter 06

894 202 37
                                    

සිහියත් අවසිහියත් අතර හිත අස්සේ හීනයක් වගේ පෙනුණ නොපැහැදිලි රූපේ බොද වුණත් අහන් ඉන්න ආස හිතෙන කටහඩකින් ඒ කිව්ව වචන මගේ කන් දෙකේ දෝංකාර දෙද්දී මම ගැස්සිලා ඇහැරුනා..

දෙයියනේ මොනවද මම ඒ දැක්කේ..අනික කවුද..කවුද ඒ පුංචි ළමයි..එක්කෙනෙක් මම..අනිත් දෙන්නා කවුද..ආ යුබින්..ඒත් එතකොට..එතකොට අනිත් කෙනා..එයා කවුද..ඇයි මට එයාව මතක නැත්තේ..ඇයි එයාගේ මූණ පේනනේ නැත්තේ..මං එයාට මොකක්හරි කියලා නේද කතා කරේ..මොකක්ද ඒක..මතක නැනේ..

සිහිය නැතුව හිටපු පැය ගාන කොච්ච්රක්ද කියලා දන්නේ නැති වෙනකොට ඒ හීනෙන් දැක්කේ මොනවද කියලා ඇස් පියාගෙනම කල්පනා කර කර හිටපු මම හෙමීට ඇස් අරින තත්ත්පරේම දැක්කේ මගේ ඇද ළග ඉදන් කතා කරන මමාවයි පපාවයි..මට එයාලට කතා කරන්න ඕනි වුණත් උගුර කට වේලිලා කියලා දැණුන හින්දා එයාලගෙන් කෙනෙක් කවුරුහරි මං දිහා බලනකන් හිටියේ වතුර ටිකක් ඉල්ලගන්න..ඒත් එකපාරට ම මමා අඩන්න පටන් ගත්තේ මාවත් පුදුම කරවලා..

"අනේ පපා..අපි දැන් මොකද කරන්නේ..අනේ මගේ දරුවා..මගේ දරුවා.."

"මොනවද මමා මේ කියවන්නේ..එහෙම කිසිම දෙයක් වෙන්නේ නැ..බය නොවී ඉන්න.."

"ඒත් පපා..එයා..එයා..ඒක දැකලා..එයා ඒක හොයනවා පපා..අපි දැන් මොකද කරන්නේ..මොනවද එයාට කියන්නේ.."

"මට ඇත්ත කියන්න මමා ඔයා ඒක පිච්චුවා නේද..මම එදා කිව්ව දවසෙම පිච්චුවා නේද..."

"........................."

"යුන්හී මං දෙයක් ඇහුවා.."

"මට සමාවෙන්න පපා.."

"මොකක්ද කියන්නේ..ආ..මොකක්ද කියන්නේ.."

"මට ඒක කරන්න බැ හුවාන්..මට බැ..මට බැ මගේ දරුවා අපිට වෛර කරනවා බලන්න..කවදාහරි දවසක..කවදහරි දවසක එයා ආයේ ආවොත් මගේ දරුවා මේ දේවල් ගැන හොයයි..එදාට..එදාට එයා..එයා..අපිට වෛර කරයි අපේ මහත්තයා..මට බැ දෙයියනේ..ම..ට..බැ.."

"යුන්හි තමුන් මොනවද මේ කරන්නේ.."

"ඔයා මට මොනවද කරන්න කියන්නේ හුවාන්..අපේ දරුවා අපිට වෛර කරනවා බලන්න කියලද..ආහ්.."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now