"ඔයාට සනීප නැ කියලා දැන දැනත් මේ අව්වේ මාත් එක්ක ආවේ ඇයි..කිව්වනම් අද මේ ගමන මං එන්නේ නැ නේද..ඇයි අයියේ එහෙම කරේ.."
එයා එහෙම අහනකොටයි මට තේරුනේ එයා මේ අඩන්නේ මට සනීප නැති හින්දා කියලා..ඒත් එයා කොහොමද දැනගත්තේ..
"ගොඩක් අමාරු නැ ඒන්ජල්..ඒකයි කිව්වේ නැත්තේ..මං හොදින් මැණික.."
"නැ හොද නැ..බලන්න ඔයා හොදටම රතු වෙලා..ඒ මදිවට දාඩිය ගලනවා නාලා වගේ..ඊයේ අත තුවාල වුන එකට තමා..පාරගත්තද ආයෙත් තුවාලේ..ඒකද මේ උණ හැදිලා තියෙන්නේ.."
කොච්ච්ර නැ කිව්වත් අහන්නේ නැති මේ පුංචි කොච්චි කරල කියන දේ මම අහගෙන හිටියේ මං තව මොනවාහරි කිව්වොත් එයා තවත් අඩයි කියලා හිතලා වෙනකොට මම මුකුත් නොකියා ඉන්නකොටත් එයා අඩනකොට මම එයාගේ ඔලුව උඩින් අත තිබ්බා..
"අඩන්න එපා මැණික..කෝ බලන්න..ෂ්..ෂ්..ෂ්..අඩන්න එපා..හරි මට අමාරුයි..අපි ගෙදර යමු..මමත් ගෙදර ගිහින් රෙස්ට් කරන්නම්..ම්ම්ම්..දැන් හරිනේ නේද..කෝ අඩන්නේ නැතුව ඉන්නකො ඉතින් දැන්.."
මම ඔලුව අතගාන ගමන් කියනකොට රතු වුණු ඇස් දෙකෙන් මං දිහා බලපු එයා එයාගේ බෝල ඇස් වල කදුලු පිහදාගත්තා..
"ඇත්තටම හුගක් අමාරු නැ නේද අයියේ..අනේ මං හින්දා...."
"නැ බබා..නැ..ඔයා හින්දා මට මුකුත්ම වුනේ නැ..කෝ යමු දැන්..හවස් වෙලා හොදටම..ඉක්මනට ගෙදර යමු.."
"හ්ම්..ආ ඉන්න..අර චිකන් සුප් එක අරන් යන්න..අනිවාරෙන් බොන්න ඕනි හොදද.."
"හරි හරි මාස්ටර්..මං අනිවාරෙන් ම බොන්නම්..මෙහෙ එන්න යන්න..පැහිච්ච මල්ලක් මේක.."
එයා මට ඇගිල්ල උරුක් කරලා අනිවාරෙන් ම බොන්න ඕනි කියනකොට මම ඔලුවත් නමලා හා කියනකොට ඒ මුණට හීනි හිනාවක් ආවේ මගේ හිතත් සනසවලා..නැත්තම් දවසම අඩයි..එහෙම කෙනා..මං දන්නවනේ..
"ඔහොම ඉන්න..මං ටක්ගාලා ටැක්සි එකක් නවත්තගෙන එන්නම්.."
ඕඩර් එක ආවට පස්සේ එයා මට මෙතනම ඉන්න කියලා නැගිටලා යන්න හැදුවත් මං එයාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවා..
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...