Chapter 03

1K 225 79
                                    

Dream coffee shop..

අලුතින් දාපු කොෆී ශොප් එක ඇතුලට යන්න බින් දොරට අත තිබ්බත් බින්ට වඩා අඩි ගානක් පස්සෙන් හිටගෙන හිටපු මම කොෆි ශොප් එක දිහා බලාගෙන හිටියා..

ලස්සනයි..

නිදහස් වගේම

සරලයී..

සිමෙන්ති බිත්ති වෙනුවට වීදුරු වලින් වටවෙලා වටේම පේන්න ඕපන් වෙන විදියට හදලා තිබ්බ මුළු කැෆේ එකම කළු එක්ක සුදු වගේම ලා රතු පාටක් එකතු කරපු ඩිසයින් වලින් හැඩ වෙලා තිබ්බා..

තනි සුදු සිවිලිමේ කළු පාටින් ෆ්ලවර්ස් පැට්න්ස්  ඇදලා තිබුණා වගේම ග්ලාස් වෝල් ළගටම කරලා දාලා තිබ්බ උස මේස වගේම පුටුවල පාට තනි සුදු වෙද්දි රතු පාටින් වගේම කළු පාටින් ඒවගෙත් මල් වැල් ඇදලා තිබුණා..

හැම කොෆී ටේබල් එකක් උඩම සුදු රෝස එක්ක රතු රෝස මල් එකට කරලා හදලා තිබ්බ ස්වභාවික මල් පොච්චිය ගානේ තියෙද්දි රෝස මල් වලින් එන එයාර්ෆ්‍රෙශ්නස් සුවද නාස් කුහර පුරවගෙන හදවතේම නතර වුනේ හිතාගන්න බැරි විදිහට..

මේස දාලා තිබ්බ හැමතැනකම මේසෙට කෙලින්ම සිවිලිමේ එල්ලලා තිබ්බ බ්ලැක් එන්චාන්ටර්ස් ළා හුලකට සිලි සිලියේ තාලේකට පැද්දෙද්දී හිතේ තියෙන හැම කලබල ගතියක්ම ඒ එන්චාන්ටර්ස් වල ලස්සන රාවයට අපිව අපෙන් උදුරගෙන වෙනමම ලෝකෙට අරන් ගියා වගේම නගරයේ මැදම හදලා තිබ්බ උනත් පාරේ වාහන සද්ද බද්ද කැෆේ එක ඇතුලට ඇහුනේ නැ වගේම ලාවට දාලා තිබ්බ පරණ ග්‍රැමෆෝන් එකෙන් ආව හඩ මුළු කැෆේ එකම භාවනාවක් වගේ නිසංසල කෙරුවා..ඒත් එක්කම මං ආසම කෝපි සුවද නහයට දැනෙනකොට මම ලොකු හුස්මක් අරන් ඒ සුවදින් මගේ හිත පුරවගත්තේ හුගක් ආසාවෙන්..

"උඹ කිව්වේ මේක අලුතින් හදපු එකක් කියලද බං.."

මට ඉස්සරහින් යන යුබින්ගේ කරට නැගලා මං ඇහුවේ ඌත් වටපිට බලනකොට..

"ඔව් අලුතින්මයි හදලා තියෙන්නේ..දැන් සති දෙකක් විතර වෙනවලු..හැබැයි මාර විදිහට සෙනග ඉන්නවා නේද බං.."

යුබින් ඇස් දෙකත් ලොකු කරගෙන කියනකොට මං ආයෙත් කල්පනා කරා..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now