Chapter 14

668 175 30
                                    

එකපාරට ම ලොකු සද්දයක් ඇහෙනවත් එක්කම හිතන්නවත් වෙලාවක් නැතුව ලොකු ට්‍රක් එකකට මාව හැප්පුනේ මාව බයික් එකෙන් විසිවෙලා පෙරලිලා යද්දි..ෆුල්ෆේස් හෙල්මට් දාලා හිටපු හින්දා ඔලුවට ඩැමේජ් එකක් නොවුණත් ලග තිබ්බ යකඩ බාර් එකකට මගේ අත කැපිලා ගියේ ගැඹුරට නැතත් අතෙන් ලේ විසිවෙනකොට..

"විහින් මැරෙන්න හදනවා.."

"මුන්ට ඇත්තටම පිස්සුද මංදා..මෙච්චර වේගෙන් කොහේ යනවද බලන්නකො.."

"ඊලගට මැරුනම හිරේ යන්න ඕනි ජිවත් වෙලා ඉන්න මනුස්සයා.."

"දැන් කාලේ හැදෙන ඔක්කොමලම එකයි.."

ඔක්කොමලා වට වෙලා මාව නැගිට්ටවලා හරියට වාහනයක් අරන් යන්න දන්නැ කියලා මටම බැන්නා වුණත් මම සද්ද නැතුව හිටියේ ඇත්තටම වැරැද්ද මගේ හින්දයි..කකුල යට වුන හින්දද කොහෙද ඇවිදිනකොට රිදෙන්න ගත්තේ මම කොරගහගහ ම බයික් එක ළගට යනකොට..

ලේ පෙර පෙරම ආපහු මම බයික් එකට නැග්ගේ බීච් එකට තව පොඩි දුරක් හින්දා වගේම තවත් මෙතන ඉදලා පොලිසියෙන්වත් ආවොත් ඒකත් ප්‍රශ්නයක් වෙන හින්දා..කලින් තරම් නැතුව හෙමීට බයික් එකේ ආවේ අත හින්දා වගේම අරු කිව්වා වගේ ඉගිලිලා ආයෙත් අන්ඩක්වත් කැඩුනොත් මට මගේ කොල්ලව බලාගන්න එක පැත්තක තියලා හොස්පිට්ල් බඩගාන්න වෙන හින්දයි..

මම ආපහු යනකොට තවත් පැයක් විතර ගිහින් තිබ්බ හින්දමද කොහෙද කලින්ට වඩා යන්තම් කළුවර වැටිලා තිබ්බත් ලොකු අදුරක් තිබ්බේ නැ..කලින් හිටපු තැනටම ගිහින් බයික් එක නවත්තලා මගේ ඒන්ජල් හිටපු තැන දිහා බැලුවත් එයා එතන නැතිවෙද්දි මට උන්හිටි තැන් අමතක වුණා..

දෙයියනේ මගේ කොල්ලා කොහෙද..

වටපිටාව හැමතැනම බල බල මම යන තැන් තැන් වල ලේ බිංදු බිංදු සුදු වැලි උඩට වැටෙද්දි වුණත් ඒ ගැනවත් හිතන්නේ නැතුව මම දුවගෙන ඉස්සරහට ගියේ එයාගේ ඡායාවක්වත් හොයාගන්න නැතිවෙනකොටයි...

"හෙලෝ..රැන්ග් චුටි බේබි ගෙදර ආවද.."

"............."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now