Chapter 05

906 224 52
                                    

"ජාන්......"

"ආයිෂ් මමා..ඔයත් ඒ පාර මගේ නම පාඩම් කරනවද..සර්කාරයා වගේ.."

මුල ටික මමාට ඇහෙන්න කියලා ඉතුරු ටික මුණු මුණු ගෑවේ ඒක ඇහෙන්න කියලා කොලේජ් එකේ වුන විස්තරේ පත්තරේට දාගන්න බැරි හින්දයි..

"මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ..මං අස් කරලා ඉවර කරා විතරයි..අපායක් වගේ..කිසි පිලිවෙලක් නැ..ඉන්නකො මං පපා ආවම පුතණ්ඩියගේ විස්තරේ කියන්න..මට හැමදාම පුළුවන් ද දෙයියනේ මේව කරන්න..ජාන්..දැන්මම අස් කරනවා.."

මමා මෙහෙම කෑගහනකොට හිතෙනවා අපේ සර්කාරයා කෑගහන එක හොදයි කියලා..දෙයියනේ මගේ කන නැ වගේ..

"හරි මමා..මං අස් කරන්නම්..ඒත් මට දෙයක් හොයාගන්න ඕනි..ඒක හදිස්සි මමා.."

"මොනවද දැන් ඔයා ඔය මේ කාමරෙත් අනිත් පැත්ත හරවගෙන හොයන්නේ.."

"මමා ඔයාට මතකද අර මං ලග චිත්‍රයක් තිබුණා පොඩි කාලේ ඉදලම.."

"මොන චිත්‍රයක් ද.."

"ඇයි මමා අර චිත්‍රයක් තිබ්බේ..හැබැයි ඒකේ භාගයයි තිබ්බේ..අනිත් භාගේ කවුරු හරි ඉරලා දාලා වගේ..මමාට මතක නැද්ද මං ඉස්සර ඒක ඕනිමයි කියලා අඩන්නේ.."

"මො..මො..න..චි..ත්‍ර..ය..ක්..ද..ළමයෝ එහෙම එකක් ඔයා ලග තිබුනේ නැ.."

"නැති වෙන්න බැ මමා..මට මතකයි..මං ලග තිබුනා..මට දැන් ඒක හොයාගන්න බැ..ඔයා අස් කරනකොට කොහෙන් හරි තිබ්බද ඒක..මේ පෙට්ටි වල නැනේ ඒක..වෙන කොහෙවත් ඇත්තෙත් නැ.."

"පිස්සුද ජාන්..මොන චිත්‍රයක් ගැනද ඔයා මේ කියවන්නේ.."

"අයියෝ මමා..ඔයාට ඔච්චර ම මතක නැද්ද අනේ..ආහ් ඉන්නකො..මං පෙන්නන්නම්....මේ බලන්න මේ..මේක වගේ චිත්‍රයක්..මේ පාට මේ තීම් එක..මං ලග මේ වගේ එකක් තිබුණා නේද මමා.."

මමා නැ නැ කිව්වට මට හොදටම විශ්වාසයි මං ළග ඒ වගේ චිත්‍රයක් තිබුණා කියලා..ඇයි මමා නැ කියන්නේ..සමහර විට මමාට මතක නැතුව ඇති කියලා හිතලා මම කොෆි ෂොප් එකේ
ෆ්‍රේම් කරලා තිබ්බ චිත්‍රයේ ගත්ත ෆොටෝ එක මමාට පෙන්නුවේ එයාට ඒක දැක්කමවත් මතක් වෙයි කියලා හිතලා වුණත් ඇත්තටම වුනේ මම හිතුවේ නැති විදිහේ දෙයක්..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now