Chapter 17

653 168 42
                                    

එයයි මායි..කවුද එයා..

එයා එහෙම කියනකොට මම ගැස්සිලා ගියේ කා ගැනද කියන්නේ කියලා හිතාගන්න බැරුව..

"කවුද.."

"එයාද...එයා...මගේ නින්ද හොරකන් කරන පුංචි හිතුවක්කාරයෙක්.."

එයා එහෙම කියනකොට මගේ මුණේ හිනාවක් ඇදුනේ ඇයිද මංදා..

පුංචි හිතුවක්කාරයෙක්..

එයාගේ නින්ද හොරකන් කරන්නේ පුංචි හිතුවක්කාරයෙක්ද..

"එහෙනම් ඔයාට කවදාහරි එයාව හම්බවෙයි..මං ප්‍රාර්ථනා කරනවා ඔයාට අනිවාරෙන් ම එයාව මුණ ගැහෙන්න ලැබෙන්න කියලා.."

මම එහෙම කිව්වම එයා මගේ උරහිසින් ඔලුව අරන් මං දිහා බැලුවා..

"දැන් නම් මුණ නොගැහුණත් ප්‍රශ්නයක් නැ.."

"ඇයි ඒ..."

එයා දැනටමත් ඒ පුංචි හිතුවක්කාරයව දැනගෙනද කියලා හිතන ගමන් මං අහනකොට එයාගේ බෝල ඇස් මගේ මුණ පුරා ගියේ හරිම සන්සුන්ව..

"මොකද ඊට වඩා ලස්සන ඇස් දෙකක් තියෙන අමුතම විදිහේ හිතුවක්කාරයෙක්ව මට මුණ ගැහුණා නිසා...දැක්ක පලවෙනි දවසෙම හිතට මොකක්දෝ කරලා ගියපු ඒ රූපේ ආපහු මගේ ඇස් මානෙට ආවේ සෑහෙන දවසක් ගියාට පස්සේ..ඒ උණුහුම ජිවිත කාලෙම විදින්න තිබ්බනම් කියලා හිතෙන තත්ත්වෙට මාව ඇදලා දාලා එදත් යන්න ගිය එයාව මං හැමදාම හෙව්වා..නින්ද හොරකන් කරන පුංචි හිතුවක්කාරයට වඩා මගේ හුස්ම වැදුනු ඒ පපුවේ හිතුවක්කාරයව මං දැන් බලාපොරොත්තු වෙනවා..මං යන්නම් එහෙනම්..ඔයත් පරිස්සමෙන් ගෙදර යන්න අයියේ.."

එයා එහෙම කියලා හිනාවෙලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා යන්න හැදුවේ මම තාමත් ඒ විදිහටම ගල් වෙලා වගේ ඉදිද්දි..

ඇයි මට රිදෙන්නේ..කවුද එයා..මං දන්න තරමින් ඒන්ජල්ට වෙන කවුරුත් නැනේ..කවුද එහෙනම්..

"මම ප්‍රාර්ථනා කරනවා..හෙටත් ඒ හිතුවක්කාරයව මේ විදිහටම මෙතනදිම මුණ ගැහෙන්න ලැබෙන්න කියලා.."

මගක් දුර ගියපු එයා දිහා මම හැරිලා බලද්දි එයත් නැවතිලා එහෙම කිව්වම මං ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියා..

මොකක්ද ඒ කිව්ව කතාවේ තේරුම..

"දැනගන්න ඕනි නැද්ද ඒ හිතුවක්කාරයා කවුද කියලා.."

ආපහු සැරයක් ඒ බෝල ඇස් වලිනුත් හිනාවෙවීම එයා අහනකොට මං ඇස් දෙක හීනි කරලා රවලා අහක බලාගත්තේ මං රවපු එක නොපෙනුනත් එයා තේරුම් ගද්දි..

" ඒ හිතුවක්කාරයා දැනුත් හිතුවක්කාරකම මට රවලා අහක බලාගෙන ඉන්නේ.."

එයා එහෙම කියනවත් එක්කම මම ආපහු එයා දිහා බැලුවේ යන්තම් යන්තම් එයාගේ පිස්සු කතාව තේරෙද්දි..

"දැන් නම් එයා ඉන්නවා ඇත්තේ කටත් ඇරගෙන.."

යකෝ මං මාස්ක් එක ගලවලද..ආ නැ තියෙයි..එහෙනම් කොහොමද හරියට ම කිව්වේ මේ පුංචි හොල්මන..

"ආ මතක ඇතුව ඒ හිතුවක්කාරයට කියන්න එයාට මම දුන්න වතුර බෝතලේ හෙට එනකොට ගේන්න කියලා..මොකද ඒක මගේ මමා මට දුන්න ගිෆ්ට් එකක්.."

පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතුව අත වන වන යන මගේ පුංචි හොල්මන දිහා මම බලන් හිටියේ එයා කිව්වා වගේම කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ඒ ඇහුණ දේවල් ගැන හිතාගන්න බැරුවයි..

"ඔහ්..එතකොට ඒ එයා කිව්ව හිතුවක්කාරයා...මමද.."

මම මටම ඇගිල්ල දික් කරගෙන එහෙම අහලා ඔලුවට එකක් ගහ ගත්තේ මොන මගුලක් ද යකෝ ඒ වුනේ කියලා හිතන ගමන්..

එයා ගියා..මගේ පුංචි ඒන්ජල් ගියා..රෑ වෙලා තිබුණ හින්දා බ්ච් එක ළග එයා එනකන් එයාගේ ගෙදර ඩ්‍රයිවර් බලාගෙන ඉන්නවා කියලා මම දැනගත්තේ මිනිහා මට මැසේජ් එකක් දාලා තිබුණ හින්දයි..

ඉතින් බය වෙන්න දෙයක් නැ..කොහොමත් ඒන්ජල් ගේ ඇතුලට ගියාමත් මට මැසේජ් එකක් එනවා කියලා දන්න නිසාම ඒ මැසේජ් එකත් එනකන් මෙතනට වෙලා ඉන්නවා කියලා හිතලා තුවලා වුනේ නැති අතින් එයාගේ බෝතලේ අල්ලගෙන ඉන්න ගමන් මම රෑ අහස දිහා බැලුවා..

මේ අහස හරි ලස්සනයි..අහස පුරාවටම තරු කැට ගොඩක් පායලා තියෙනකොට මම මේ ලෝකේ දැකපු ලොකුම වගේම ලස්සනම තරු කැට දෙක මතක් වුනේ මගේ මූණට හිනාවක් එද්දි..

ඒවා දිලිසෙනවා..රෑටත් වඩා..

ඇත්තටම ඒ දවල්ට පොලවට කඩන් වැටුණු තරු කැට දෙකක්..




To be Continued...

🎂 කතාවත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි ❤️

Axian

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now