Chapter 13

668 173 29
                                    

මං දන්නැ මට මොනවා වෙනවද කියලා..එයාගේ කටින් එහෙම කියවෙනකොට මට දැනුනේ මගේ ඇග හිරිවැටිලා වගේ..ඒක හරි අමුතු හැගීමක්..අඩුම තරමේ මගේ නමවත් කියන්නේ නැතුව අයියේ කියලා කතා කරපුවම..මං දන්නැ..මට තේරෙන්නැ ඒක මෙහෙමයි කියලා කියන්න..

මටත් නොදැනිම මගේ මුනේ හිනාවක් ඇදුනත් එයාටනම් ඒක පෙනුනේ නැ..තාමත් මාස්ක් එක ගලවන්නේ නැතුව මම එයාගේ ඔලුව උඩින් අත තියලා ඈත මුහුද දිහා බැලුවා..මට මතක් වුනේ දැන් පැය දෙකකට විතර කලින් වුණ දේ..

Flashback

වෙනදා වගේමයි..අදත් එයා කල්පනා කරනවා..ඈත මුහුද දිහා බලන් හිටියත් ඒ ඇස් වල වේදනාව ගැන මම දැනගෙන හිටියා..එයා එදා ඉදලම වේදනා වින්දා..දුක් වින්දා..සෑහෙන්න දුර්වල වුණා..ඒ හැමදේම වුනේ මං නිසා..ආයෙත් පාරක් මං නිසා අදත් එයා වේදනාවෙන්..

මට එදා එහෙම නොකර ඉන්නයි තිබුනේ...

මට තවත් එයාට මෙහෙම දුක් දෙන්න බැ දෙයියනේ..ඒත් මං කියලා මොනවා කරන්නද..මට තාම එයා ඉස්සරහට හරිම කෙනා විදිහට යන්න බැ..අඩුම තරමේ මගේ මූණ පෙන්නන්නවත් බැ..එහෙම වුනොත් එයාට ඒක දරාගන්න බැරිවෙයි..මට බැ ආයෙත් එයා අසනීප වෙනවා බලන්න..

මෙච්චර කාලයක් දුර ඉදලා බලාගෙන උන්නු මට ඒ ඇස්වල වේදනාව මෙච්චරක් කියලා දැනුනා වුනත් ඒ වෙනුවෙන් ඒ වේදනාව නැති කරන්න මට කොච්ච්ර ඕනි වුණත් අදටත් මට කරන්න පුළුවන් එකම දේ වෙනදා වගේම එයා දිහා ඈතට වෙලා හොරෙන් බලාගෙන ඉන්න එක විතරයි කියලා මතක් වෙනකොට මට දැනුනේ මං ගැනම තරහක්..

"මගේ පුංචි ඒන්ජල්..මට සමාවෙන්න මැණික.."

ඒ කදුලු පිහින්න..දුක් වෙන්න එපා මම ඔයා ළගම ඉන්නවා කියලා එයාව තුරුලු කරගන්න බැරුව ඔහේ නිකමෙක් වගේ ඈතට වෙලා එයා දිහා බලාගෙන හිටපු මගේ කටින් නොදැනුවත්ව ම එහෙම කියවුනේ උගුරේ හිරවුණු ඉකියක් එක්කමයි..

*phone ringing*

" ශිට්.."

තවත් ඒ වේදනාව පිරිච්ච ඇස් දිහා මෙතනට වෙලා බලන්න ඉන්න බැරි හින්දම මම හැදුවේ එයා ළගට යන්න වුණත් ඒත් එක්කම ආව කෝල් එකක් හින්දා මගේ ගමන නැවතුනා..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now