Chapter 08

763 195 47
                                    

"කවුද මේක හැදුවේ.."

"මමයි හැදුවේ සර්.."

දැන් මගේ ඉස්සරහා හිටගෙන ඉන්නේ එදා මාස්ක් එක දාලා හිටපු කෙනා නෙවෙයි කියලා ඒ ඇස් දැක්ක ගමන්ම මං තේරුම් ගද්දි මම මේ කොල්ලගෙන් මේක හැදුව කෙනා ගැන ඇහුනකොට මේක හැදුවේ එයා කියලා කිව්වත් මට ඒක විශ්වාස කරන්න බැරිවුණා..

ඒ ගමන්ම මං කප් කේක් එක දිහා බලනකොට එදා තිබ්බ කප් කේක් එකේ සයින් එකම අද කේක් එකෙත් තියෙනකොට මම ඇස් උස්සලා අර කොල්ලා දිහා බැලුවේ රවාගෙන..

මූ මට බොරු කියනවා..

"මේක තමුන් හැදුවා කියලද කියන්නේ.."

"ඔ..ඔ..ව්..ස..ර්.."

ඌ කනත් අතගාන ගමන් ගොත ගහගහ කියනකොට මං රවාගෙන බලාන හිටියා..මුන් හැම​ එකාම කන අතගාන්නේ මං එච්චර සද්දෙට කතා කරනවද...නැ වෙන්න බැ..අපේ සර්කාරයා කෑගහනවා වගේ කෑගහන්නේ නැනේ මං..හහ්..මුන්ට පිස්සු..

"මේ සයින් එක තමුන්ගේ..එහෙමද කියන්නේ.."

"මං තමයි සර් හැදුවේ.."

"එදා මේක ගෙනාවේ වෙන කෙනෙක්..එදත් මේ සයින් එකම තිබ්බා..අද තමුන් මේක ගෙන්නලා මේක තමුන් හැදුවා කියනවා..එකම සයින් එක දෙන්නෙක්ට තියෙන්න පුළුවන් ද..ආහ්.."

මාව රවට්ටනවා කියලා තේරෙනකොට මං හයියෙන්ම කෑගැහුවේ කැෆේ එකේ හිටපු දෙතුන් දෙනා මං දිහා හැරිලා බලනකොට..

"සර් එදා සර්ට ඕඩර් එක ගෙනාපු කෙනා ඒක එයා හැදුවා කියලා කිව්වේ නැනේ.."

"මොකද නැත්තේ..ඒක එයා හැ..දු..වා..කි..ය...."

පොඩ්ඩක් ඉන්න..එදා ඒක එයා හැදුවා කියලා කිව්වේ නැ නේද..බිනා අහනකොට ලෙස්සලා ගියේ ආදා වගේ..එතකොට එතකොට ඇත්තටම ඒක හදලා තියෙන්නේ එයා නෙවෙයිද..ආයිෂ් උඹට මොකක් වෙලාද ජාන්..ඒකා නෙවෙයි මොකා හැදුවත් උඹට මොකද..අනික මොකක්ද ඔය තරමටම ඒ යකා ගැන හිතන්නේ..මේ ජාන්..ඔය ලෙඩේනම් එච්චර හොද නැ...ඒ අස්සේ අර සන්ග්ලාස්කාරයා..ඇයි අර පොඩි එකා..ආයිෂ් උඹටනම් ලගදිම පිස්සු හැදෙනවා..ඉක්මනට මෙන්ටල් හොස්පිට්ල් එකේ ඇදක් බුක් කරලා තියාගනින්..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now