Chapter 22

587 153 21
                                    

ට්‍රීං..ට්‍රීං..ට්‍රීං..

"ම්හ්ම්..."

ඇග තලලා දාලා වගේ දැනෙනකොට නිදි ගැට කඩන ගමන් ඇහැරපු මම ඇස් පියාගෙනම තව ටිකක් වෙලා ඇදට වෙලාම හිටියේ අද දවසේ කරන්න තියෙන වැඩ මොනවද කියලා කල්පනා කරන ගමන් වෙනකොට නිදිමත ගියාට පස්සේ ඇස් ඇරපු මට හැමදාව වගේ අදත් උදේම මගේ ඇස් ඉස්සරහා එයාව පේනකොට හැම අමාරුවක්ම නැතිවෙලා ගිහින් හිතට සැහැල්ලුවක් වගේම මුණට හිනාවක් ආවා..

"ඒන්ජල්.."

ඒ රූපේ දිහා බලාගෙන හිටපු මම එහෙමම බැලුවේ වෙලාව කීයද කියලා වෙනකොට ඔරලෝසුව දැකපු මට හීන් දාඩිය දාන්න ගත්තේ වෙලාව උදේ 9ත් පහුවෙලා කියලා පෙනෙද්දි..

"දෙයියනේ ඒන්ජල්.."

අද නිවාඩු හින්දා වෙනදට වඩා මම ටිකක් වැඩිපුර වෙලා නිදාගන්නවා වෙනකොට එලාම් එක ඔටෝ සෙට් වෙන එකක් නිසාම සති අන්තේ දවස්වල උදේ 9ට තියලා තිබ්බා කියන එක මට අමතක වෙලා තිබුණා..

අතේ තුවාලේ පැසවලා අමාරු වෙයි කියලා හිතලා වැඩි හොදට ඊයේ ගත්ත ටැබ්ලට් වල පවර් එකට මට හොදටම නින්ද ගිහින් තිබ්බා වෙනකොට අතේ තුවාලේ හොද වේගෙන එන හින්දම ද කොහෙද ඇගත් ටිකක් රත් වෙලා තිබුණා..

උයන පිහින වැඩ පුළුවන් වුණත් දැන් නම් ඒකට වෙලාවක් නැති වෙද්දි ටක්ගාලා නැගිටපු ගමන් ඕඩර් එකක් දාලාම නාගන්න ගියේ ඇග රස්නේ වුණත් නාන්නේ නැතුව නම් මට ඉන්න බැරි හින්දා..

වැඩි වෙලා වතුරේ ඉන්නේ නැතුව ඉක්මනට එලියට එනකොටම ඕඩර් එකත් ඇවිත් තිබුනේ මම කන ගමන්ම ලෑස්ති වෙද්දි..තද නිල් පාට ඩෙනිමට සුදු පාට අත් දිග ටීෂර්ට් එකක් ඇදලා මාස්ක් එකත් දාගෙන ඊයේ එයා දුන්න වතුර බෝතලෙත් එක අතක තියෙද්දි දොර ඇරගෙන එලියට යන්න ආව මම නැවතුනේ ඒත් එක්කම වගේ මට ආව කෝල් එකක් හින්දා..

"හෙලෝ මචං කියහං.."

"...................."

"හරි කොල්ලෝ..වැඩේ ශේප් නේ..මම එන්න ඕනි නැ නේද.."

"............."

"මේ උදෙන්ම මගෙන් අහගන්නේ නැතුව ෆෝන් එක තියපන්.."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now