Chapter 24

608 158 31
                                    

අපාර්ට්මන්ට් එකට ඇවිත් නාන්නේ නැතුව යන්තම් ඇග හෝදගෙන ඇවිත් ඒන්ජල් දුන්න සුප් එකත් බීලා පේන් කිලර් දෙකකුත් අරන් ඇදට ආවේ ඇත්තටම අමාරු හින්දා..ඇදට එනකොටම ෆෝන් එක රින්ග් වුනේ මම හෙඩ්බෝඩ් එකට ඔලුව තියාගෙන කෝල් එක ආනසර් කරනකොට..

Unknown Number

"හෙලෝ.."

"අයියේ.."

ඒන්ජල්...

මේ ඒන්ජල්ගේ නම්බර් එකද..

"හෙලෝ අයියේ..ඇහෙනවද..ඔයාට අමාරුද..කතා කරන්නකො..හෙලෝ..අනේ මං එන්නද..කතා කරන්නකො..අමාරුයිද ඔයාට.."

මං පුදුම වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්නකොට එයා එහා පැත්තේ ඉදන් කලබලෙන් කතා කරේ මාව හරි සිහියට අරන්..

"ආ..ආ..ඒන්ජල් ඇහෙනවා..මං මේ.."

"දෙයියනේ ඇති යන්තම්..මං බය වුණා..ඔයා හොදින් නේද..නෑවේ නැනේ..සුප් එක බිව්වද..පේන් කිලර් ගත්තද..දැන් නිදාගන්න හරිද.."

කටට නිවනක් නැතුව කියවන එයාගේ කටහඩ මං අහන් හිටියේ මගේ ඇස් ඉස්සරහා තියෙන ෆොටෝ එක දිහා බලාගෙනමයි..

"ඇග චුට්ටක් හෝදගෙන සුප් එක බීලා පේන් කිලර් අරගෙන ඇද​ට වෙලා ඉන්නේ..දැන් හරිද මහත්තයට..ම්ම්ම්..."

කට කොනකින් හිනාවෙලා මං එහෙම කියනකොට මට ඇහුනේ එහා පැත්තේ කිචි කිචි ගානවා..

යක්ස පැටියා හිනාවෙනවද කොහෙද..

මගේ පුංචි හොල්මන..

"එහෙනම් දැන් නිදාගමු අයියේ.."

එයා කියනකොට මං හරිබරි ගැහිලා ඇදේ ඉදගත්තේ මට වැදගත්ම දෙයක් අහන්න තිබුණ හින්දා..

"ඒන්ජල් ඔයාට හෙට මොකක්හරි වැඩක් තියෙයිද.."

මං ඇහුවම ටිකක් වෙලා සද්ද නැතුව හිටපු එයා උත්තර දුන්නා..

"ම්ම්ම්..විශේෂ වැඩක් නැ..හෙටත් බීච් එනවා මම.."

"ඇයි ඒ.."

"නිකන් ඉතින්..නිවාඩුනේ.."

"හ්ම්ම්..හරි.."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now