|01|

1.8K 111 2
                                    

"කුකී පරිස්සමට ගිහින් එන්න "

හැමදාමත් වගේ ඔම්මා මට කිශී එකක් දීලා ඔළුවත් අත ගෑවෙ ඇස් දෙකේ ආදරේ පුරෝගෙන. 7.15 ට තියෙන බස් එකට යන්න බැරි උනොත් බොසාගෙන් දෙහි කපා ගන්න වෙන බව දන්න නිසාම මම බෙල්ට් එකත් කරේ තියන් දිව්වෙ පාරට.  අද නම් යාන්තම් බස් එකට එන්න පුළුවන් උන නිසාම වෙලාවට ඔෆිස් එකට ආවා.

"ගුඩ් මෝනිම් කුකී.."

මගෙ සීට් එකට යද්දිම මගෙ බෙස්ට් ෆ්‍රෙඩා වෙච්ච ජිමිනා දත් තිස් දෙකම දාන් හිනාවෙවී ගුඩ් මෝනිම් කිව්වා.

"ඔහ් ගුඩ් මෝනිම් මිනී.. අද නම් මං නූලෙන් බේරුනා "

" නූල තමා. තව චුට්ටක් ගියා නම් අදත් උඹට රතු ඉර.. "

" හරි ඉ..."

"ජියෝන් ජන්කුක්ක්ක්ක්...."

මිනියා එක්ක මෝර්නින්ග් චැට් එක දාන්න හැදුවා විතරයි මිස්ට කොකනට් හෙඩ් නොහොත් මගෙ රාජකාරි ස්ථානය වෙච්ච SBS Company එකේ මැනේජර්කාරයා ඒත් නැත්නම් මගෙ ආදර බර බොසා මට හරි අනාදරයෙන් කතා කරා 🙂
අපි කොකනට් හෙඩ් කිව්වට මිනිහගෙ උප්පැන්නෙ නම කන්ග් ඩැනියල්.. ලස්සනයි නේත 😌..

"ගුඩ් මෝනිම් සර්ර්ර්..."

මමත් ඉතින් නැගිටලා යටහත් පහත් විදියට බොසාට ආචාර කරා.

"මෝනින්ග් තමා ජන්කුක්. තමුන් අදත් තව විනාඩියක් ගියා නම් ලේට් නේද අහ්? "

ඉතින් දෙයියනේ ලේට් වෙන්නෙ විනාඩියක් ගියා නම්නෙ. 😒 මං ඊට කලින් ආවනෙ හුම්.. 😒 මේ මනුස්සයටත් මෙච්චර ගොඩක් ඉන්න ස්ටාෆ් එක අස්සෙ මාවමයි පේන්නෙ. ලස්සන හින්දනෙ මේ ඔක්කොම කරදර.. හුම් 😒.. ඒ මදිවට මගේ නමත් මතකයි. මේ dangerous situation එකෙත් මං කල්පනා කරේ ඒ ගැන.. 🥲

"තමුන් මං කියන එක අහගෙනද ඉන්නෙ ජන්කුක්ක්?"

"අහ් නෑ සර් .. නෑ මං කිව්වෙ ඔව් සර්... "

"ඔව් නෑ බෑ නෙවෙයි හෙට Important meeting එකක් තියෙනවා . ඒක අපිට හරිම වැදගත් .. අහ් ඔයත් අහගන්න යෙජී... "

වැදගත් නිසානෙ important කියන්නෙ දෙයියනේ .. මේ මනුස්සයටත් පිස්සු .. ඒ අස්සෙ මට එහා ටේබල් එකේ ඉන්න සැලෝන් කෙල්ලටත් කතා කරනවා. ඒකිත් ඉතින් කොකා වගේ බෙල්ල දැම්මා. හ්ම්ම්ම්.. මේ සැලෝන් කෙල්ලටයි මටයි හම්බ වුන දවසෙ ඉඳන්ම පොඩි ඇරියස් එකක් තියෙනවා . ඒකිට මාව පේන්න බෑ. මට ඒකිව පේන්න බෑ. ඒවගේම අපි දෙන්නගෙ සමානකමකුත් තියෙනවා . වෙන මුකුත් නෙවෙයි ඒකි මායි දෙන්නම තාම මෙතන temporary 🥲

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now