|08|

767 100 2
                                    

" අද පළවෙනි දවස නිසා කෝමත් ඉතින් හරියටම දෙයක් කියන්න බෑ තමා නේද පුතා.. හරි හරි ඒක නෙවෙයි මම තව ටික දවසකින් ඔයාගෙ බොස් කියන තනතුරෙන් අයින් වෙන්න ඉන්නෙ. අනික ඔයා අපේ සෝහුගෙ හොඳම යාළුවනෙ ජන්කුක්.. ඉතින් මට අන්කල් කිව්වට මම මුකුත් කියන්නෙ නෑ.."

සෝහුගෙ අප්පා හිනාවෙවී එහෙම කිව්වම මටත් හිනා ගියා.

"ඒත් එහෙම හරි නෑනේ සර්.. "

මම එහෙම කිව්වෙ ඇවිල්ලා පළවෙනි දවසෙම කම්පැනි එකේ අයිතිකාරයට අන්කල් කියන්න ගිහින් මේකෙ ඉන්න සීනියර්ස්ලගෙන් නිකන් බොරුවට කතා අහගන්න ඕනෙ නැති නිසා. මේවගෙ වැඩියෙන් ඉන්නෙම අනුන්ගේ සීනි කිරන උන්මනෙ..

"අපෝ මෙයාගෙ හෙන ලොකු ලයින් ඩැඩා.. "

සෝහුගෙ අප්පා උත්තරයක් දෙන්න කලින්ම කිම්කාරයා මැද්දෙන් පැනල එහෙම කිව්වම මම බැලුවෙ එයා කිව්ව මෙයා කවුද කියලා . ඇයි දෙයියනේ දාන තරමක් ලොකුකම් දාන්නෙ මේ මනුස්සයා වෙච්ච කොට මට ලොකුකම කිව්වම හරියනවද 😒

"එහෙම නෑ ඒ කොල්ලා.. "

අන්න දැක්කද හැමෝටම පේනවා මම හොඳ ළමයෙක් කියලා . මේකගෙ තියෙන්නෙ පැලියාව . හුම් 😒 ඒත් ඉතින් ඕක මූණට කියන්න කියලයෑ. මම හීන් හිනා පාලා නිකන් හිටියා .

" හරි ජන්කුක් පුතා එහෙනම් ඔයාට මොනවා හරි උදව්වක් ඕනෙ නම් බය නැතුව ටේහ්‍යුන්ග්ට කියන්න. එයා ඔයාට උදව් කරයි හොඳ ද.. "

සෝහුගෙ අප්පා එහෙම කිව්වම උත්තරයක් දෙන්න කලින් මම බැලුවෙ කිම්කාරයා දිහා. මිනිහා ඔළුව ෆෝන් එක අස්සට ඔබන්. හහ්. දැන් මගෙද ලයින් උගෙද.. අනේ දෙවියනේ නොදන්න දෙයක් නම් තියෙන්න එපා. මට බෑ ඕකා ගාව දෙකට නැවෙන්න. 😒

" හරි සර් මම එහෙම කරන්නම්.. "

මොනවත් නොකියා ඉන්න එක හොඳ නැති නිසා මම එහෙම කිව්වා ..

"ආයෙ සර්ලු ඉතින්. හරි හරි කමක් නෑ. කැමති විදියකට කතා කරන්නකො. හ්ම් හ්ම් දැන් ගිහින් වැඩ කරන්න පුතා එහෙනම්.."

" හරි සර්.. "

යන්න කිව්ව ගමන් ආයෙ මොනාත්ම බලන්නෙ නැතුව බෝව් කරලා මම එලියට ආවා. මදැයි පාත් වෙච්ච මරාලයක්.. කිම්කාරයා මට සප් කරන එක කෙසේ වෙතත් මගෙන් සුප් හදයිද කියලා තමයි මට බය... 🥲

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now