|27|

787 82 16
                                    

මම හිටියේ ඊළඟට මොකක් වෙයිද කියලා බලාගන්න නොයිවසිල්ලෙන්. හැබැයි උනේ නම් මම බලාපොරොත්තු උන දේ නෙවෙයි . මේ දැන් මින්හෝ හ්‍යුන්ග්ව දැක්කා වගේ එයා ගාවට ගිය ටේ අවුරුදු ගානක් තිස්සෙ දන්න මනුස්සයෙක් එක්ක කතා කරනවා වගේ එයා එක්ක කියවන්න ගත්තා . දැන් මේ මනුස්සයට මතකත් නෑ මං හිතන්නෙ හදිස්සියක් කියාගෙන මාව එක්කන් යන්න නේද ආවෙ කියලත්.

"මිස්ට කිම් අපිට පරක්කු වෙන්නෙ නැද්ද ?"

බැරිම තැන මම අපේ ඔම්මා හදල දීපු කෝපි එක රස කර කර බිබී මින්හෝ හ්‍යුන්ග්ලගෙ ගෙදර අය එක්ක කියවන ටේගෙන් ඇහුවා.

"ඔහ් බේ.. මං කිව්වෙ ජන්කුක් .. එච්චරම හදිස්සියක් නෑ. තව ටිකක් ඉඳල යන්.. "

තව ටිකෙන් ගම කනවා මේ මනුස්සයා මට මේ හැමෝම ඉස්සරහ බේබි කියලා . වෙලාවට එයාටම මීටර් උනාද කොහෙද 🥲 ඒ මදිවට පස්ස කැඩිච්ච කඩියා වගේ දුවගෙන ආව එක්කෙනාම කියනවා දැන් පරක්කු නෑලු. කාට කියන්නද ඉතින් මේවා 😒

ටේටයි අනිත් අයටයි ඕන මඟුලක් කරගන්න කියලා මම එතනින් නැගිටලා මගෙ රූම් ආවා. ඒ ඇවිත් විනාඩි දහයක් යන්නත් කලින් රූම් එකේ දොර ඇරන් කවුද මන්ද ඇතුළට ආවා. වෙන කවුරු අනවසරයෙන් මගෙ කාමරේට ඇතුල් වෙන්නද ඉතින් මේ අති පණ්ඩිත කිම්කාරයා මිසක් 😑

"නොක් කරල එන්න දන්නෙ නැද්ද මිස්ට කිම් ? "

යාළුයි කියලා පෙන්නන්න නරකයි. මොකද මම මේ එයා එක්ක තරහ වෙලානෙ ඉන්නෙ . හුම්. අනික ඊයේ දාපු මැසේජ් එක උදේ දැක්කම නම් මට එල්ලෙන්නත් හිතුණා. 🥲 හෙහෙ.. කේන්තියට ඒ වෙලාවෙ හෑල්ලක් ටයිප් කරාට මොකද පස්සෙ කියවද්දි මාවත් මොන්ගල් උනා... eww මෝම්ඩ ජම්කුක් 🥲

"මොකද සද්දෙ වැඩිවෙලා අහ් ? බේබි බේබි කියලා මම හුරතල් කරා කියලා මගෙ කරේ නගින්න එන්න එපා හොඳජන්කුක් !! ඔක්කොමත් හරි මොකක්ද අර ඊයෙ ගහල තිබ්බ වැල් බයිලෙ අහ් ? මම වෙන ගෑනු එක්ක මඟුල් නටන්න ගියා කියලද හිතන් ඉන්නෙ ? නැත්නම් මට අසහනේ කියලද හිතන්නෙ ? එහෙම ද ? අහ් ජන්කුක් !! කියනවා ඉතින් ?"

Here we meet again🍃💜 (Complete)On viuen les histories. Descobreix ara